ඉරාන්ගෙන් පසු අනුරගේ දෑත් ශක්තිමත් කිරීමට මහින්ද, මිලින්ද සහ හර්ෂ සමග සාකච්ඡා ?

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාව පත්කර ගැනීමෙන් අනතුරුව විපක්ෂයේ තවත් දක්ෂයින් කිහිපදෙනෙකුම ආණ්ඩුවේ විවිධ තනතුරු සඳහා එකතු කරගැනීමට බලාපොරොත්තු වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව මහින්ද සමරසිංහ, මිලින්ද මොරගොඩ සහ හර්ෂ ද සිල්වා යන විපක්ෂයේ දේශපාලනඥයින් සමග ආණ්ඩුව මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මහින්ද සමරසිංහ සහ මිලින්ද මොරගොඩ යන දෙදෙනාම විශාල වශයෙන් විදෙස් සබඳතා සහිත දේශපාලනඥයින් වන අතර ආචාර්ය හර්ෂ ද සිල්වා ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.

මිලින්ද මොරගොඩ යනු ඉන්දියාවත් සමග ඉතාම සමීප සබඳතාවක් ඇත්තෙක් බව ප්‍රසිද්ධ කරුණකි. ඔහු මෙන්ම අනෙක් දෙදෙනාවත් ආණ්ඩුවට සම්බන්ධ කිරීමේ වෑයම පසුපස ඉන්දියාව සිටින බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...