සටහන: සශිකලා මධුෂාණි
මැයි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්රායලයේ සැඟවුණු න්යෂ්ටික වැඩසටහන පිළිබඳ දශක ගණනාවක් පුරා පවත්වාගෙන ආ නිහඬ ප්රතිපත්තිය බිඳිමින් ඊශ්රායලය සතුව න්යෂ්ටික අවි ඇති බව ප්රසිද්ධියේ ප්රකාශ කරන ලෙස නියෝජිත මන්ත්රී මණ්ඩලයේ ඩිමොක්රටික් සභිකයින් ජනාධිපති ට්රම්ප්ට දැඩි පීඩනයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
ඔවුන් පෙන්වා දෙන්නේ,1969 දී ඊශ්රායලයේ ආරම්භ වූ “nuclear ambiguity” ලෙස හඳුන්වන ප්රතිපත්තිය යටතේ ඇමරිකාව තවමත් ඊශ්රායලයට න්යෂ්ටික අවි ඇති බව නිළ වශයෙන් පිළිගෙන නොමැති අතර, ඉරානය සමඟ ගැටුම මධ්යයේ වොෂින්ටනය මෙම ගැටලුව සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ පැවති අපැහැදිලි බව අවසන් කළ යුතු බවයි.
ඊශ්රායලය කිසි විටෙකත් තම න්යෂ්ටික අවි වැඩසටහන් පිළිගෙන නොමැති අතර, එය පවතින බවට සැලකිය යුතු සාක්ෂි තිබියදීත්, කිසිදු එක්සත් ජනපද පරිපාලනයක් ප්රසිද්ධියේ ප්රකාශ කර නොමැත.

