රෂිකා හෙන්නායක මැයි 06 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ටිකට්පත් මිල ඉතා ඉහළ මට්ටමක පැවතීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන හමුවේ එහි සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ එම තීරණය සධාරණය කර ඇත.
ඇමරිකානු වෙළඳපොළේ පවතින දැඩි ඉල්ලුම සහ එරට පවතින විනෝදාස්වාද ක්ෂේත්රයේ මිල ගණන් සැලකිල්ලට ගෙන මෙම ඉහළ මිල නියම කළ බව ඔහු පවසයි.
කෙසේ වෙතත්, ක්රීඩා ලෝලීන්ගේ සංවිධාන මෙම මිල ගණන් අසාධාරණ බවත්, එය ප්රේක්ෂකයින් පාවාදීමක් බවත් පවසමින් යුරෝපීය කොමිසමට පැමිණිලි කර ඇත.
අවසන් මහා තරගය සඳහා වන ටිකට්පතක මිල ඩොලර් 11,000 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්රවේශපත්ර ප්රතිවිිකුණුම් වෙළඳපොළේ මීටත් වඩා අධික මිලකට අලෙවි වන බව වාර්තා වේ.
අධික මිල ගණන් හේතුවෙන් ඇතැම් තරග සඳහා ප්රවේශපත්ර අලෙවි කරගැනීම අභියෝගයක් වී ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.



