රෂිකා හෙන්නායක මැයි 06, කොළඹ LNW :
මාලදිවයිනේ MIFCO සමාගම සිය ප්රමුඛතම Fasmeeru ටූනා නිෂ්පාදන පෙළ ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
දෙරට අතර පවතින 60 වසරක රාජ්යතාන්ත්රික සබඳතා සනිටුහන් කරමින්, Development Interplan Ceylon ආයතනය මෙරට තනි බෙදාහැරීමේ නියෝජිතයා ලෙස කටයුතු කරනු ලබයි.
මාලදිවයින් ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය හරහා ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සමුද්ර ආහාර දේශීය පාරිභෝගිකයන්ට සමීප කිරීම අපේක්ෂා කෙරේ.
මෙමගින් දෙරටේ ආර්ථික සහයෝගීතාව, වෙළඳ විවිධාංගීකරණය සහ කලාපීය ආහාර සුරක්ෂිතතාව තවදුරටත් ශක්තිමත් වන බව අවධාරණය කෙරේ.
විශේෂයෙන්ම ශ්රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්රය ඉලක්ක කරගනිමින් මෙම තිරසාර නිෂ්පාදන බෙදාහැරීමට සැලසුම් කර ඇත.
මෙම නව ව්යාපාරික සබඳතාව ඉන්දියන් සාගරයේ දූපත් රාජ්යයන් දෙක අතර පවතින ඓතිහාසික සහ සංස්කෘතික බැඳීම නව මානයකට ඔසවා තැබීමකි.



