විද්‍යා ඝාතනය : ශ්‍රේෂ්ඨාධිකරණය ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 4කට මරණ දඬුවම තහවුරු කරයි !

යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් නමැත්තා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

ඒ, මරණ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට ඒවායෙහි තීන්දුව අද (06) දිනයේ ප්‍රකාශයට පත්කරමිනි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුවක් ලබා දුන් අතර තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමටද විනිසුරු මඬුල්ල තීන්දු කළේය.

2015 වසරේ මැයි මස 13 වනදා හෝ ඊට ආසන්න දිනයක යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේදී පාසල් ගොස් ආපසු එමින් සිටිය 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබීය.

එම නඩුවෙන් වැරදිකරුවන් වූ විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...