*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

ක්‍රීඩාව තවමත් රාජපක්ෂලාගේ ද?

අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බැහැ දැක වැඳ වැටෙන්නට ගිය පිරිස අතර ක්‍රීඩා අමාත්‍යවරයා ද සිටියේය.එපමණක් නොව මේ සටහනේ සිටින ක්‍රීඩා පුහුණුකරු ද සිටින්නේ ක්‍රීඩාවට බලපෑමක් කරමින් තේරිමක් වෙනස් කර දෙන සේ මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමට ගිය පෝලීමේය.ලංකාවේ තිබෙන කීඩාව කරන ප්‍රජාව අතර තිබෙන අදේශපාලනික හැඟීම සහ ආත්මාර්ථය කොපමණ විශාලද යන්න තේරුම් ගැනිමට මෙය කදිම උදාහරණයකි.මහින්ද රාජපක්ෂ සිය මුහුණු පොතට මේ පිංතූර එකතු කරමින් සමාජයට කියන්නේ ද මේ ක්‍රමය වෙනස් කරන්නට දැඟළුවාට මිනිස්සු තවමත් තමන්ගේ වැඩකදි කිසිඳු ප්‍රතිපත්තියක් නොසළකා වැඩ කරන බවය.ඒ අතර පොලිස්පති,ඇමතිලා සහ මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ අය වෙති.

පෞද්ගලිකව මේ ලියුම්කරු මේ පුද්ගලයාට පමණක් නොව එම පවුලේම ක්‍රීඩා කුසලතා ගැන බෙහෙවින් සතුටු වන්නේය.එහි ගැටළුවක් නැත.මොහුගේ ක්‍රීඩක ජීවිතය ගත් විට ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිම ක්‍රීඩකයන් අතර රැඳෙන බව ද අවිවාදිතය.පුහුණුකරුවෙක් ලෙස ද විශිෂ්ඨය.නමුත් පෞද්ගලිකව ඔහු ඇති කර ගත් ගැටළුවක් නිසා ඔහු කරපු ක්‍රීඩාවෙන් ඈත් කර තිබන්නට ගත් තීන්දුවෙන් එවැනි තහනමකට ලක් වූ ක්‍රීඩකයින් මුදවා ගත යුතු බව සහ ඊට බල පෑ හේතු පැහැදිළි කරමින් එවකට වොලිබෝල් සභාපති ඩිලාන් පෙරේරා සමඟ දැඬිව කටයුතු කළේ ද මේ ලියුම්කරුය.ඒ මොවුන්ගෙන් අනාගතයට ගත හැකි පලදායීතාවය පහදා දෙමින්ය.නමුත් මේ දේවල්නම් ක්‍රීඩාවට පලදායී දසුන් සේ නොදකින අතර විනාශකාරී මැදිහත්වීම් සේ දැකිය හැකිය.

මහින්දලාට ඕනි අය ක්‍රීඩා කරා ය යන්නත් මහින්දලාට ඕනි විදිහට ක්‍රීඩාව කරා යන්නත් පිළිබඳව ඇත්තේ සැක සහිත සිදුවීම් මාලාවක්ය.එවැනි ඉතිහාසයක මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිවැරදිව කටයුතු නොකළ නිසා අර්බූදයට ගොස් තිබෙන පාපන්දු,සහ රගර් වැනි ක්‍රීඩාවන් හී කැත පිංතූරය මුද්‍රණය වී එන්නේ රොෂන් රණසිංහ අතින් වුව එය මුද්‍රණයට යොමු කරන යන්තරය හිටපු ඇමති නාමල් රාජපක්ෂය.ඒ කාලේ කරපු කෙළි නිසා ඇති වි තිබෙන තත්ත්වයන් නාමල් රාජපක්ෂ දුන්නු ආධාර පරිත්‍යාගවලින් වසන්නට හදන පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයින්ට කියන්න තියෙන්නේ තමන්ට ලැබුණ කුට්ටිය ගැන නොව පොදුවේ රටේ ක්‍රීඩාවට වූ දේ ගැන තේරුම් ගන්න හැටියට ය.

ඒ ක්‍රමවේදයෙන් තමන්ගේ වැඩේ කර ගන්න ගිය මේ පුහුණුකරුවාගේ අපේක්ෂාව නෙට්බෝල් තෝරා ගැනීම වෙනස් කිරිමය.එහි යම් යම් ගැටළු තිබිය හැකිය.ක්‍රීඩිකාවන් දෙදෙනෙක් නම් එහි සිටිය යුතු බව සිතිය හැකිය.තේරිම සම්බන්ධයෙන් වන ගැටළුව ද ප්‍රධාන වශයෙන්ම ඉලක්ක ගතව ඇත්තේ තේරූ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සම්බන්ධයෙන්ය.තේරී ඇති ක්‍රීඩිකාවන් අතර සිටින ශ්‍රී ලංකාවට ලෝක අවධානය දිනා දුන් ක්‍රීඩිකාවකගේ ඥාති දියණියක් මෙන්ම මේ ක්‍රීඩකයා සමඟ යම් විරසකයක් ඇති වොලිබෝල් ක්‍රීඩකයෙක්ගේ දියණියක් ද සිටින බව අපි සොයා ගත්තෙමු.සමහර විට ඩිලාන් පෙරේරා ගත් තීරණය යම් ආකාරයකින් යළි ආපස්සට හරවා මේ පෙත්සම දෙන පුද්ගලයන්ට වාරණයක් ඇති කිරීම සඳහා බලපෑම් කරපු කණ්ඩායමේ තේරී ඇති ක්‍රීඩිකාවගේ පියා සිටිය බව පැතිර ගිව ප්‍රසිද්ධ කතාවක්ය.හැබැයි තේරි ඇති ක්‍රීඩිකාවන් විශේෂඥ ක්‍රීඩිකාවන් නොවුණ ද අදක්ෂ ක්‍රීඩිකාවන් නොවන බව කිව යුතුය.නොතේරී ඇතැයි පවසන ක්‍රීඩිකාවන් අතර දෙදෙනෙක්නම් වැදගත්ය.

එම තේරීම් දෙකට අමතරව තවත් තේරීම් ගණනාවක් ප්‍රශ්න කරමින් මේ වන විට පවතින තේරිම් ප්‍රශ්න කරන්නට මහින්ද රාජපක්ෂට පෙත්සම දෙන අතරේම සිය ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් මෙහෙයවමින් සිටින මේ පුද්ගලයාගේ බිරිඳම එම කණ්ඩායමේ පුහුණුකාරිය ය.සටන තිබෙන්නේ ඇය සමඟ මොහු පුහුණු කරන පාසල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ගැන ය.ඔවුන් තේරී පත්විය යුතුය කියා කරන සටනක්ය.

එහිදි මේ සටනේ පසුපස මොවුන් සිටින බව කියන්නට ඇති හොඳම සාක්ෂිය මේ මහින්ද රාජපක්ෂ හමු වී කරන ඉල්ලීමය.දැනට නැවත තේරීමක් දක්වා යන්නට එහි බලපෑම හෙවත් රාජපක්ෂමය බලපෑම හේතු වී තිබෙන්නට පුළුවන.මේ විරෝධයට එන අය දමයන්ති ජයතිලක නම් ආසියානු කුසලානය දිනා දුන් කණ්ඩායමට නායකත්වය දුන් තැනත්තිය හඳුන්වන ආකාරය විසුළුකාරීය.හරියටම රටට මහත් සේවයක් කරන ලද මේ ලිපිය භාරදෙන්නාවත් කාලයක් නොසළකා හරිමින් මේ ආකාරයට සිය කේෂ්ත්‍රයේ පිළි නොගද්දී සහ අපහාසයට ලක් කරද්දී ඇති වූ හැඟීමම ගෙන එය ප්‍රශ්න කර බැලිය යුතුය.එසේම තර්කයක් හැටියට මේ ඔහු සම්බන්ධ ක්‍රීඩා කේෂ්ත්‍ර දේකේම රටට ක්‍රීඩා කර ඇත්තේ ලංකාවේ ජාතික මට්ටමේ සූරතාවය හෝ අනු සූරතාවය හෝ ඉහළම මට්ටමේ සිටින ක්‍රීඩකයින් සිටින කණ්ඩායම්වලින් පමණක් නොවේය.කණ්ඩායම් ක්‍රීඩාවකදී කණ්ඩායමක ඉතා දක්ෂ අයෙක් සිටිය හැකි වුවත් කණ්ඩායමක් සේ ක්‍රීයා කරන්නට දක්ෂ කණ්ඩායමක් නැති වූ විට එම කණ්ඩායම ජය නොගන්නේය.ඒ නිසා තරගාවලියකට සාපේක්ෂව අවධානය යොමු කරද්දී එම තරගාවලියේ අන්තිම වන කණ්ඩායමේ ද දක්ෂයෙක් සිටිය හැකිය.ක්‍රීඩා පුහුණුකරුවෙක් ලෙස විශාල ඉතිහාසයක් ඇති මෙම පෙත්සම්කරුට අප එය කියා දෙන්න යන්නේ නැත.එය ඔහුගේම අත්දැකීම් සහ බුද්ධියට භාර කර අපි විසුළු නොකර නිහඬ වන්නෙමු.

තවමත් රාජපක්ෂවාදය සහ ගලා යන සමාජ රිද්මය වෙනස් කිරිම වෙනුවට තමන්ගේ බඩ ළගින් ජිවිතය නමන්නට පුරුදු වූ පිරිස් සෑම කේෂ්ත්‍රයකම මෙන්ම කීඩා කේෂ්ත්‍රයේ ද සිටින බව හඳුනා ගන්නට මේ පිංතූරය හොඳ කතාවක්ය.පාලකයා නොව ජනතාව වෙනස් කළ යුතු බව කියන ප්‍රසිද්ධ කියමන යළි යළිත් මෙවැනි විකටානුරූපී ඡායාරූප සිහි ගන්වන්නේය.

“වැඩක් නැහැ අප්පා මේ විදිහට ක්‍රීඩාව කරන්න බැහැ” යන වචන මෙවැනි පුද්ගලයින්ගෙන් අප ධනාත්මක සංවාද ඇතුළේ කොච්චරවත් අසා ඇත.එය ඇත්තය.එයට හොඳම උදාහරණය තමන්ම සපයන්නටත් තවමත් රාජපක්ෂලා සියල්ලගෙන්ම වාගේ ක්‍රීඩාවෙදිත් තමන්ට අවශ්‍යය විදිහට සෙල්ලම් කිරීමට සූධානම් බවත් ඔප්පු කිරීමට මෙය හොඳ සාක්ෂියක්ය.

අපට දුෂිතයැයි කියන්නට එපා,අපේ ක්‍රමයෙන් යැපෙන්නට එන මිනිසුන් බලාගන්න යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතේ පළ කරන ලද පිංතූර සියල්ලට ස්තූතියි කිම අපේ යුතුකමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan