*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රාජපක්ෂ ගුබ්බෑයමේ රනිල් තවදුරටත් සුරක්ෂිතද ?

මැයි දිනය සම්බන්ධව රටේ රාළ රනිල්ට කරපු විවේචනයත් එක්ක දැන් රටේ රාළට රනිල්ගෙන් අහන්න එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියනවා.ඒ මේ රටට ආණ්ඩුවක් තියනවද කියන ප්‍රශ්නයයි.රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා.එයා අනුප්‍රාප්තිකද නැද්ද කියන එක රටේ රාළට නං ප්‍රශ්නයක් නෙවෙයි. අගමැති කෙනෙක් ඉන්නවා. කැබිනට් එකක් තියනවා.ඊට අමතරව ආණ්ඩු පක්ෂය කියලා මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා.ඒ ටිකට නං ඔයාලා ආණ්ඩුව කියන්නේ ඒකට දැන් පාණ්ඩුව හැදිලා කියලයි අපට කියන්න වෙන්නේ.ආණ්ඩුවෙන් රටටත් ජනතාවටත් ඉෂ්ඨ වෙන්න ඕනි අවම දේවත් නොකර පිනට කකා ඉන්න තැනක් බවට ආණ්ඩුව පත්වෙලා.

ඇත්තටම රටේ රාළට ඒ විවේචනය ඒ විදිහටම රනිල්ට නෑ.රනිල් යමක් කරන්න හදනවා.හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ අගමැති සහ කැබිනට් එක මොකද කරන්නේ කියන එකයි.දැන් රනිල් 2048 දී රට ගොඩදාන සංවර්ධන සැලැස්මක් ගැන කියනවා.හැබැයි ඒක කියන්නේ රනිල් විතරයි.කෝ එක ගැන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ඒකමතියක්.කෝ ඒකට අදාල Master Plan එකක්. 2048 දී රට සංවර්ධිත රටක් කරනවා නම් ඒ සැලැස්මට අදාලව 2023 නේ කොටසකුත් තියෙන්න ඕනි. මොකද්ද ඒ කොටස.දැන් ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?මොකද මෙහෙම හිටලා එකපාරට 2048 ට පනින්න බෑනේ.මෙහෙම හිතනනකෝ ලංකාවේ අමාත්‍යංශය කීයක් තියනවද?ඒ අමාත්‍යංශයවලිනුත් වැඩ කරන අමාත්‍යංශය කීයක් තියනවද?ඒවා ඇතුලේ වෙන වංචා දුෂණ පැත්තකින් තියමුකෝ.ඒ තත්වයන් යටතේ හරි වැඩක් කරන අමාත්‍යංශය කීයක් තියනවද?

ඔය තියන අමාත්‍යංශ ටික වැඩ කරන්නේ රනිල්ගේ 2028 Vision එකට අනුවද?හරි හෝ වැරදි මේ ආණ්ඩුවේ වැඩක් කරන්න උත්සාහ කරන ඇමතිවරු විදිහට පේන්නේ කාංචන විජේසේකර වගේ කීපදෙනෙක් විතරයි.අනිත් ඇමතිලා ඉන්නවද මරිලද කියලා නෑ.ජීවතුන් අතර හිටියත් කරන වැඩක් නම් පේන්නේ නෑ.අඩුම ගානේ ඉන්දියාවෙන් ගේන බිත්තර ටික හරියට බෙදා ගන්න බැරි වෙළද ඇමති කෙනෙක් ඉන්න රටක් මේක.2048 රනිල්ගේ සංවර්ධන සැලැස්මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සැලැස්ම මොකද්ද?පුළුවන් නම් කියන්න කියලා රටේ රාළ අමරවීරට අභියෝග කරනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ 2048 වෙනකොට ටාගට් එක කියන්න බන්දුල ගුණවර්ධනට පුළුවන්ද?ප්‍රවාහන කියන්නේ තෙල් ගහලා වාහන දුවන එකට නෙවෙයිනේ. ඒකට නං ඇමති කෙනෙක් ඕනි නෑනේ.නිකං හිතන්නකෝ මර්ගගත විනයක් මේ රටේ තියනවද?

හැමදාම අනතුරු,දවස ගානේ අපට ඇහෙන්නේ ඛේදවාචක.කෝ මේ රටේ නීතිය.රනිල් රට සන්සුන් කලා තමයි.ඒක රටේ රාළ පිලිගන්නවා. 2048 ගැන රනිල් නිකම්ම කියනවා වෙන්නත් බෑ.මොකක් හරි දෙයක් රනිල්ගේ ඔළුවේ ඇති.හැබැයි ඕක රනිල්ගේ ඔළුවේ තිබිලා විතරක් ඇද්ද?ඒක සැලැස්මක් බවට පත්වෙලා අමාත්‍යංශවලට බෙදිලා යන්න ඕනි නැද්ද?රටේ රාළ අහන්නේ කෝ ඒ වැඩපිලිවෙල කියලයි.එක්කෝ ඇමතිලා තමන්ගේ කොටස කියන්න ඕනි. නැත්තං රනිල් සමස්ථය කියන්න ඕනි.විෂයභාර ඇමතිලා 2048 රනිල්ගේ සැලැස්මට අනුව රට ගොඩදාන්න නෙවෙයි එහෙම සැලැස්මක් ගැන දන්න බවක්වත් පේන්නේ නෑ.හැබැයි ඒ ඇමතිලා එකතුවෙලා වැටිලා ඉන්න මයිනෙකුයි,කපුටෙකුයි ගොඩදාන්න වේදිකා ගානේ බඩගාන බව නං පේනවා.හරි ඊට අමතරව වෙන මොනවද එයාලා කරන්නේ.බන්දුල ගුණවර්ධන ඇවිත් කැබිනට් තීරණ කියලා මොනවා හරි ටිකක් කියලා යනවා.ඊට අමතරව බන්දුල ගුණවර්ධන කරන 2048 ටාගට් එකට අදාල වැඩක් පේනවද?

ඇත්තටම මේ කරන්නේ රාජපක්ෂලා කරපු පරණ වැඩේම නේද?මෙයාලා මේ ආය පණ දෙන්න හදන්නේ මේ රටෙන් පන්නලා දාපු යල් පැනපු වැඩවසම් රාජපක්ෂ චින්තනයට නෙවෙයිද?දැන් මේ හැම කෙනාම හිතාගෙන ඉන්නේ අරගලය ඉවරයි කියලා.නෑ අරගලය ඉවර නෑ.ඉවර වුනේ ගෝල්ෆේස් අරගලය විතරයි. එහෙම නැතිව අරගල ආකෘති ඉවර වෙලා නෑ.ඉතිහාසයේ අරගල පැනනැගුණ විදහට වගේම තව තවත් අලුත් විදිවලට අරගලය පැන නගිනවා.රාජපක්‍ෂලා ගෙනත් දාපු විනාශකාරී මාවතෙන් රනිල් මේ රට වෙන පාරකට මාරු කලා.හැබැයි මෙතනන් එහාට වැඩපිලිවෙලක් ගැන නං රටේ රාළට පේන්නේ නෑ. අපි මෙහෙම හිතමු විදේශ ණය කොහොම හරි ප්‍රති ව්‍යුහගතකරණ කර ගත්තා කියමුකෝ.හැබැයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කර ගැනීමත් IMF කොන්දේසියක්. එතකොට ඒ ණය කියන්නේ ආණ්ඩුව අපේ බැංකුවලින් ගත්ත ණය.නැත්තං භාණ්ඩාගාර බිලිපත් වලින් ගත්ත ණය,ඊළගට අර්ථසාධක අරමුදලේ තිබුණ සල්ලි.

රටේ රාළ අහන්නේ මේවා ප්‍රතිව්‍යුහගතකරණ කරන්නේ කොහොමද?බැංකුවලට ගෙවන්න තියන පොලිය කපනවද?නැත්තං ගෙවන්න තියන ණය වලින් කොටසක් කපනවද?එහෙමත් නැත්තං ණය ගෙවීම කල්දානවද?මොනවා කලත් බැංකු පද්ධතිය අර්බුදයට යනවා.මේ බැංකුවල තියෙන්නේ මේ රටේ ජනතාවගේ තැන්පතු මුදල්.නිකං හිතන්නකෝ බැංකුවල පොලිය කපලා දැම්මා කියලා.එතකොට කොහොමද බැංකුව මුදල් තැන්පත් කරුවන්ට පොලිය ගෙවන්නේ.මේ තත්වයට ගැන ඉව වැටුන ගමන් තැන්පත්කරුවන් තමන්ගේ සල්ලි බැංකුවෙන් අදින්න පටන් ගන්නවා. එතකොට බැංකු පද්ධතිය අවධානම් තැනක නැද්ද?රටේ රාළ අහන්නේ මෙච්චරයි පාරේ උද්ඝෝෂණ පාලනය කරන්න පුළුවන් පොලිසිය දාලා.එතකොට මේ බැංකු කඩා වැටෙන එක නවත්තන්නේ මොකා දාලද?රනිල් හිතනවා නං ඒක තඟ දාලා නවත්වන්න පුළුවන් කියලා. ඇත්තටම රනිල්ට වැරදිලා.

දැන් අපට පේන තෙක්මානයේ තියෙන්නේ IMF දෙවෙනි ණය වාරිකය සහ තව පොඩි පොඩි දේවල් ටිකක් විතරයි.ඒ සමස්ථයේ වටිනාකම ඩොලර් මිලියන 500 කට අඩුයි.රටේ රාළ කියන්නේ ඒ මුදල අපිට වැඩිම උනොත් මාස පහක් ඇඳගන්න ඇති.දැනට හම්බ වෙන මුදල් වලින් අපි වැඩිපුර කරන්නේ සුභ සාධනය.හාල් බෙදනවා.පෝර බෙදනවා.සහන දෙනවා.ඒවා එපා කියලා නෙවෙයි රටේ රාළ කියන්නේ.දිලිදු ජනතාවට සහන දෙනවා වගේම තව මාස පහ හයකින් අපි මුහුණ දෙන ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්නත් ඕනි. හැබැයි ඒ ප්‍රශ්නයට මේ තියන ආණ්ඩුවට උත්තරයක් නෑ. ඒකයි රටේ රාළ කියන්නේ දැන් රටේ ආණ්ඩුවක්ද නෑ කියලා.රනිල්ට ඒ ගැන විග්‍රහක් තියන බව රටේ රාළ දැනෙනවා.ඒත් එහෙම විඥානයක් ඔය කැබිනට් එකේ කාටවත් නෑ. රනිල් දන්නවා අපි දේශීය නිෂ්පාදන වැඩිකරනවා කියලා කොච්චර කිව්වත් ඒක ලේසි නෑ කියලා.අනික අපේ භාණ්ඩවලට ලෝක වෙළද පොලේ තරඟ කරන එක ලේසිත් නෑ.

මොකද අපේ භාණ්ඩවල නිෂ්පාදන වියදම වැඩියි.ඊට වඩා අඩු වියදමකින් උසස් තත්වයට භාණ්ඩ ලෝක වෙළද පොලට එනවා. විශේෂයෙන්ම චීනය සහ ඉන්දියාවෙන්.ඒක නිසයි රනිල් අපේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයෙන් සේවා ආර්ථිකයකට මාරු කරන්න හදන්නේ.ඇත්තටම ඒවා සම්බන්ධ ලොකු විවේචන අපට නෑ.ඒත් මේ යන විදිහට නං මොකවත් කරන්න බෑ.ආණ්ඩුව කියලා මේ හැදිලා තියන සංයුතිය ඇතුලේ එහෙම වැඩපිලිවෙලක් නෑ.ඒක නිසයි රටේ රාළ කියන්නේ මේ අවුරුද්ද අවසානයත් අරගලකාරී ස්වරූපයක් ගන්නවා කියලා.රනිල් දැනට මතුවෙන අරගලවලට තඟ දාලා යට කරගන්නවා.සජිත් සහ අනුරගේ කොළඹ වටකිරීම්වලට ගහලා එලෙව්වා.අන්තරේටත් මදි නොකියන්න ගැහුවා.ඒ වගේම වෘත්තිය අරගලවලට සෑහෙන තඟක් දැම්මා.ඒවගේ ප්‍රතිඵල තියනවා කියත් රනිල්ට හිතෙනවා ඇති.හැබැයි රනිල් තවදුරටත් ඒ මාර්ගයේ නං යන්න හදන්නේ රනිල්ගේ මර්ධනයට ඔරොත්තු දෙන අරගලයක් මේ පොලොවෙන් මතු වෙනවා.

ඒ අරගලය මතු වෙනකොට මහජන බලය විතරක් නෙවෙයි අපේ රටේ ජන ජීවිතය එක්ක සම්බන්ධ බැංකු ඇතුළු රාජ්‍ය ආයතන පද්ධතියත් කඩා වැටිලා තියෙන්න පුලුවන්.ඒක නිසා රටේ රාළ රනිල්ට යෝජනා කරන්නේ තවදුරටත් රාජපක්‍ෂලාගේ ගුබ්බෑයමේ ලැගගෙන ඉන්නේ නැතිව මේ රට හෙට දවසේ මුහුණ දෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් සියලු දෙනා එකතු කරගත්ත ජාතික එකඟතා වැඩපිලිවෙලකට එන්න කියලා. රනිල් රට ගොඩනගන්න අවංකවම එනවා නං 2024 ජනාධිපති හීනය පැත්තකින්ම තියලා වැඩේට බහින්න ඕනි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan