ලංවිම ප්‍රතිව්‍යුහගත කරන්න ADB සහය!

Date:

කොළඹ LNW: විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිව තිබේ.

ඒ අනුව එම වැඩපිළිවෙලට සහය දීම සඳහා මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායම සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සාකච්ජාවක් පවත්වා ඇත.

එහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික සහය, විදුලිබල සමාගම් බවට පරිවර්තනයේදී රාජ්‍ය- පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රමවේද අනුගමනය සහ එයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම, එම ව්‍යාපෘති හඳුනාගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට විශේෂ ඒකකයක් අමාත්‍යංශය තුළ පිහිටුවා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම, එම ව්‍යපෘති සහ අනෙකුත් පුනර්ජනනීය ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය සහය ලබා දීම පිළිබඳව සාකච්ජා කර ඇති බව සඳහන්.

මෙම සාකච්ජාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන් මෙන්ම මෙරට ආසියානු සංවර්ධන බැංකු කාර්යාලයේ නිලධාරීන් සහභාගී වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...