*
Friday, March 29, 2024
spot_img

Latest Posts

රනිල් හමුවේ FUTA ඇණගනී

චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වෙන්න පහුගිය 04 වෙනිදා ජනාධිපති රනිල් එංගලන්තය බලා පිටත්ව ගියා.එදා වෙනකම් රනිල්ගෙන් සාකච්ඡාවක් ඉල්ලමින් හිටපු වැඩ වර්ජිත විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය රනිල් එච්චර ගණන් ගත්ත බවක් පේන්න තිබුණේ නෑ.රනිල් හම්බ වෙලාම උත්තර පත්‍ර බලනවා කියලා හිටපු එයාලා දැන් ඒ තීරණය වෙනස් කරගෙන උත්තර පත්‍ර බලන්න ලෑස්තියිලු.එයාලගේ මූලික ඉල්ලීම උනේ රජයේ නව බඳු ප්‍රතිපත්ති වෙනස් කරන්න කියලයි.හැබැයි රජයේ බඳු ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නොවී එයාලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතෑරලා දාලා.

උත්තර පත්‍ර ඇගැයීම වර්ජනය සම්බන්ධව රනිලුත් හිටියේ දැඩි ස්ථාවරයක.එක වෙලාවකට රනිල් කිව්වේ සතියක් ඇතුලත උත්තර පත්‍ර අගැයීමට විකල්ප වැඩපිලිවෙලක් හැදෙන්නේ නැත්තං විභාග කටයුතුත් එක්ක අධ්‍යාපන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය සේවයක් කරනවා කියලයි.අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකරන අයට එරෙහිව නීතිමය පියවර අරගෙන එයාලගේ දේපල රාජසන්තක කරනවා කියලත් කිව්වා.රනිල්ගේ ඒ ප්‍රතිචාරය විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ගණන් ගත්ත බවක් පෙනුනේ නෑ.එයාලා රනිල්ට දිගටම අභියෝග කළේ පුළුවන් නම් එයාලගේ දේපල රාජසන්තක කරලා පෙන්නන්න කියලයි. කොහොම හරි උත්තර පත්‍ර බලන්න විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තීරණය කළේ ජනතාව මුහුණ දෙන අපහසුව සළකා බලලා කියලයි දැන් එයාලා කියන්නේ.හැබැයි එයලා දැනගන්න ඕනි ජනතාවගේ අපහසුව ගැන තීරණය කරන්න ඕනි වර්ජනය ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලයි.

වර්ජනය කරලා ජනතාව දුකට පත් කරලා තවදුරටත් වර්ජනය අදින්න බැරි වෙනකොට ජනතාවගේ උවමනාව පෙන්නලා පිටිපස්ස දොරෙන් වැඩේට එන එක සදාචාරාත්මක නෑ.මේ හැම වෘත්තීය සමිතිකාරයෙක්ම වර්ජනය කරන්න සහ වර්ජනය අතාරින්න දෙකටම පාව්චි කරගන්නේ ජනතාවගේ උවමනාවන් තමයි.ඒයාලා පළියක් කරගන්නේ ජනතා උවමනාවන්. හැබැයි මේ වෘත්තීය සමිතිකාරයන්ට රනිල් ලැජ්ජා හිතෙන උත්තරයක් දිලා තියනවා. රට අකර්මන්‍ය කරනවා කියලා වහසි බස් දොඩාගෙන ආපු උද්දච්ච වෘත්තීය සමිති කාරයන්නේ තර්ජනය දැන් සෑහෙන දුරට අඩුවෙලා.හැමදාම සමස්ථ මහා වැඩවර්ජන ගැන,අඛණ්ඩ වැඩවර්ජන ගැන කතා කරපු වසන්ත සමරසිංහලා,ස්ටාලින්ලා, මහින්ද ජයසිංහලා,රන්ජන් ජයලාල්ලා දැන් සෑහෙන්න පහු බැහැලා.සමහරු පේන්නත් නෑ.රට අකර්මන්‍ය කරන්න ඛණිජ තෙල් සේවකයන් පටන් ගත්ත වැඩවර්ජනය රනිල් එක රැයෙන් නැවැත්තුවා.ඒ ඛණිජ තෙල් සේවකයන් 20 දෙනෙක් අනිවාර්ය නිවාඩු යවලා.

තවමත් එයාලා නිවාඩු පිට ගෙදර ඉන්නවා.දැන් එයාලා ගැන කතා කරන්නවත් කවුරුත් නෑ.කොහොම උනත් රනිල් මේ දිගටම අනුගමනය කරන පොල්ල තියාගෙන ඉන්න ක්‍රියා මාර්ගයත් අනුමත කරන්න බෑ. හැබැයි මේ තක්කඩි වෘත්තිය සමිතිකාරයෝ කරන වැඩත් එක්ක බැලුවම රනිල්ට පොල්ල අරන් එලියට බහිනවා හැර වෙන විකල්පයකුත් නෑ.මොකද වෘත්තීය සමිතිකාරයෝ වැඩේ පටන් ගන්නෙම රට අකර්මන්‍ය කරන්න බලාගෙන.පහුගිය වරාය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වෙලාවේ ජවිපෙ වෘත්තීය සමිති නායකයා ගනන් හදලා පෙන්නුවා අද අපි මෙච්චර මුදලක් වාරායට පාඩු කලා කියලා. රන්ජන් ජයලාල්ලා හැම වෙලේම කිව්වේ රටම අඳුරේ තියනවා කියලා.ස්ටාලින්ලා,මහින්ද ජයසිංහලා කිව්වේ පාසල් වහලා ළමයි ගෙදර තිබ්බා අධ්‍යාපන ක්‍රියාවලිය අඩපණ කළා කියලා. ඇත්තටම මේ තර්ජනය කරන්නේ ජනතාවට.රනිල් කරන්නේ ඡනතාවට කරන ඒ තර්ජනයට මුවා වෙලා පොල්ල අරන් බහින එක.

අර කතාවක් තියෙන්නේ ප්‍රහාරයේ හැටියට තමයි ප්‍රති ප්‍රහාරය කියලා. ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළාට පස්සේ ශිෂ්ඨ ප්‍රතිචාරය එන්නේ නෑ. රටේ රාළ ඔය ප්‍රහාරය සහ ප්‍රති ප්‍රහාරය දෙකම ප්‍රතික්ෂේප කරනවා.විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය 2022 උත්තර පත්‍ර බලන්න තීරණය කරපු එක හොඳයි. එයාලගේ මාධ්‍ය සාකච්ඡාව බලා හිටිය රටේ රාළට ආවේ මෙහෙම අදහසක්.දැන් එයාලා කියන්නේ ජනතාව පත්වෙන අපහසුතාවය සලකා බලලා එයාලා උත්තර පත්‍ර බලන්න එනවා එයාලා සම්බන්ධ වගකීම ජනතාව බලාගන්න ඕනි කියන අදහසක්.ඔව් ඒක හරි.මේ හැමදේකම අවසන් තීරකයා ජනතාව තමයි.රනිල්වත් ඇමතිවත් නෙවෙයි.ඒක නිසා ඔය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න ඉස්සෙල්ලත් ජනතාවගේ පැත්තෙන් හිතන්න ඕනි.අපේ රටේ ගොඩක් දෙනෙකුට ජනතාව මතක් වෙන්නේ වැඩේ වැරදුනාට පස්සේ.එතකොට වෙන්නේ ඔය කාටවත් ජනතාව ඉස්සරහට එන්න බැරි තත්වයක් නිර්මාණය වෙන එකයි.

වෘත්තීය සමිතිකාරයෝ දිගටම කියන්නේ රනිල්ට ජනතාව අතරට යන්න බෑ කියලනේ.ඔව් ඒක ඇත්ත. රටේ රාළත් ඒක පිලිගන්නවා. හැබැයි ඒ වගේම තමයි වෘත්තිය සමිතිකාරයන්ටත් ජනතාව අතරට යන්න බෑ.එයාලගේ ම්ලේච්ඡ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ජනතාව අනුමත කරන්නේ නෑ.දැන් මෙතන එක දෙයක් පැහැදිලියි උද්දච්ච දේශපාලනඥයා වගේ උද්දච්ච වෘත්තීය සමිතිකාරයොත් තේරැම් ගන්න ඕනි අවසානයට ප්‍රශ්නය කියන්න වෙන්නේ ජනතාවට කියලා.දැන් වෘත්තීය සමිතිකාරයන්ගේ තිබුණ ටෝන් එක ගොඩක් වෙනස්.ජනතාවට තර්ජනය කරපු ටෝන් එකේ ස්විච් එක රනිල් Off කරලා.දැන් වෘත්තීය සමිතිකාරයෝ ජනතාවට කියනවා අපි ගැනත් බලන්න කියලා.අපිට වැඩිය පොරවල් නෑ,පුළුවන්නම් කරපල්ලා.කරලා බලපූ කියකියා හිටපු වෘත්තීය සමිතිකාරයෝ එතෙන්ට වැටීම ගැන රටේ රාළට නං තියෙන්නේ ලොකු සතුටක්.රටේ රාළ දැන් කාලයක් තිස්සේ කියන්නේ ඕක තමයි.

ජනතාව ඉස්සරහා ප්‍රශ්නය විසදන්න නං ඔක්කොම ජනතාව ඉස්සරහා එකට වැඩ කරන්න ඕනි. තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්න ඕනි.රටට වෙලා තියන ඩැමේජ් එකෙන් බේරෙන්න රටක් හැටියට අපි නැගිට්න්න ඕනි.ඒක නොකර මෙච්චර කල් වෘත්තීය සමිතිකාරයෝ උත්සාහ කළේ ජනතාව බිල්ලට තියලා තමන්ගේ කොටස විතරක් බේරගන්න.අපි කාගේත් ගමන වෙන්න ඕනි සමාජයත් එක්ක යන ගමන මිසක් තනි වහසි බස් දොඩමින් යන දුෂ්ඨ ගමනක් නෙවෙයි.ඒකේ ප්‍රතිපල නෑ.එයාලටත් නෑ.රටටත් නෑ.නව ඡනවරමක් තියන සන්ධිස්ථානයකට ආපු වෙලාවට ඒ ගැන කටයුතු කරන්න අපි හැමෝටම අවස්ථාව තියනවා.ඒ වෙලාවේ තමන්ගේ විරෝධය පිට කරන්න පුළුවන්.එතනදීත් යන්න වෙන්නේ ජනතාව ඉස්සරහට. වෘත්තීය සමිතිවලට විතරක් නෙවෙයි,දේශපාලනඥයින්ට විතරකුත් නෙවෙයි ගෝල්ෆේස් අරගලයේ හිටපු සමහර අයටත් ඔය වැඩවසම් උද්දච්චකම ඔළුවට ගහලා තියනවා.

ගෝල්ෆේස් අරගලයේ හිටපු සමහරු හිතාගෙන ඉන්නේ එයාලා තමයි ගෝඨාභය එලෙව්වේ.ඒ වගේ එයාලට ඕනි කෙනෙක් එලවන්න පුළුවන් කියලා.ඇත්තටම ගෝඨාභය එලෙව්වේ මේ රටේ ජනතාව.ඒ ජනතා සටනේ ඉස්සරහට හොරෙන් රිංග ගත්ත කට්ටියක් දැන් කියනවා ගෝඨාභය එලෙව්වේ අපි කියලා.දැන් අපි සියලු දෙනාටම එන්න වෙමින් තියෙන්නේ එකම සන්ධිස්ථානයකට.හැමදාම විවේචනය විතරක් හරියන්නේ නෑ. මේ සමාජය ඇතුලේ හැමෝටම කාර්යභාරයක් තියනවා.ඒකට කවුරුත් අත ගැහුවේ නැත්තං මේ වැටිච්චි වලෙන් අපට කවදාවත් ගොඩ එන්න බෑ.හෙට දවසේ තමයි බරපතල අනතුර තියෙන්නේ. රටේ රාළ කියන්නේ රටක් විදිහට අපි නැගිටින්න ඕනි කියලයි.අපිට දුන්නොත් අපි රට හදන්නං නැත්තං බෑ කියන එක තරම් කාලකණ්ණිකමක් තවත් නෑ. එයාලට එහෙම පුළුවන් ඇති.ඒත් ජනතාවට එහෙම බෑ.තනියෙන් තම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ගිය අයටත් දැන් ජනතාවගේ සහය ඉල්ලන්න වෙලා.

රටේ රාළ කියන හොඳම තැන එතනයි.ඒක නිසයි රටේ රාළ යෝජනා කරන්නේ කවුරුත් පොදු ජාතික එකඟතාවයකින් වැඩ කරන්න ඕනි කියලා.එතනට කාටත් එන්න බැරි නම් අපට අයිති වෙන්නේ විනාශය විතරයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan