හිස්ටීරියාවක අවසානය ….

Date:

මෙවර කොළඹ සහ කොළඹ අවට වමේ අය සමරන්නේ ලාංකික ඉතිහාසයේ පරාජිතම මැයි දිනය. වෙනත් විදියකට කිව්වොත් විශාල ජනතා ප්‍රවාහයක් එක්ක ගොඩ නැගුණු ගෝල්ෆේස් අරගලය නිශ්චිත අවසන් අරමුණක් කරා ගමන් කරවන්න බැරිවුණ, ඒ සඳහා සූදානමක් නොතිබ්බ, දැක්මක් නොතිබ්බ, දියණු කියවීමක් නොතිබ්බ, ඒ සඳහා වැඩපිළිවෙලක් නොතිබ්බ ලාංකික වමක බොරු මැයි දිනයක් තමයි මේ.

වමේ සහ ප්‍රගතිශීලි කොටස්වල වගකීම තියෙන්නේ සටන් පාඨ කිය කියා කොළඹ වීදි වල එහාට මෙහාට ගමන් කරන එක විතරක් නෙවෙයි. දියව්! දියව්!! කියල හිස්ටරික ලෙස මාස්ටර්ගෙන් ඉල්ලන එක විතරක් නෙවෙයි. ඉන් එහාට ගිය තමන්ගේම වූ බලය පිළිබද සැලැස්මක්, වැඩපිළිවෙලක්, න්‍යාය පත්‍රයක් තියෙන්න ඕනි. තමන් එක්ක වැඩ කරන පිරිස් වලට යම් යම් ජයග්‍රහණ අරන් එන්න ඕනි. නැත්නම් මිනිස්සු රඳවා ගන්න බැහැ. එහෙම තැනක මිනිස්සු ඉන්න ඕනිත් නැහැ. හැමදාම මෙහෙම ඉන්න බැහැ කියල ලෙනින් නම් දැනගෙන හිටිය.

අරගලයේ අරමුණු සාක්ෂාත් කරගන්න ඕනි ගැඹුරු කැපවීම මේ කිසිම කෙනෙක්ට තිබ්බේ නැහැ. ලෙනින් එක වෙලාවක සූදානම් උණා රුසියාවේ ජනතා නැගිටීම නිර්පාක්ෂික එකක් ලෙස විකසිත වෙනවා නම් එයාගේ බෝල්ෂෙවික් පක්ෂ අනන්‍යතාව කැප කරන්න. නිර්පාක්ෂික වෙන්න. තමන් මෙතෙක් ගොඩනගා ගත්ත සියලු දේ කැපකරන්න. කැපකරලා පොදු අරගලයේ කොටස් කාරයෙක් වෙන්න. විප්ලවය සාක්ෂාත් කරලා දෙන්න. සමාජය වෙනුවෙන්. පොදු යහපත වෙනුවෙන්.

මෙහෙ කළේ අරගලය නිර්පාක්ෂික වෙනකොට (විශ්වීය වෙනකොට) වමේ පක්ෂවල හිටපු උං තව තවත් පක්ෂ කට්ට ඇතුළට රිංගපු එක. එහෙම රිංගල පක්ෂ ඇතුලේ හැඳිගෑවිල ගිය එක. ආයේ නොඑන්නම.

ඔක්කොම සද්ද පූජා සහ ගෝෂා අස්සේ දැන් අලුත් ස්වාමියෙක් ඇවිල්ලා. සියල්ල ආපසු කැරකෙමින් තියනවා. දැන් මේ මැයි දිනේ අපිට තියෙන අළුත් හිස්ටරික ඉල්ලීම් මොනවද? මීටත් වඩා නරක ස්වාමියෙක් ද? මොකද අපිට හැමදාම ලැබුනේ තිබ්බටත් වඩා නරක දෙයක්.

”වෝල් ස්ට්‍රීට් ඉඳන් තහරිර් වටරවුම දක්වා සියළු අරගලවල මහත්ම ඝෝෂාව වුණේ අපිට අළුත් ස්වාමියෙක් දියවු කියන එක නේද? දැන් උඹලට ඒ ස්වාමියා හම්බවෙලා නේද ඉන්නේ?”

තමන්ට කියල බල ව්‍යපෘතියක් නැත්නම්, එහෙම එකක් හදාගන්නවත් ඕනිකමක් නැත්නම්, දැන්වත් දෙයියන්ගේ නාමෙට කට වහගෙන ඉඳපල්ලා….

පුළුවන් එකෙක් හරි බිහිවෙලා පුළුවන් දෙයක් කරයි.

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...