පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹන්න වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අනුමැතිය!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තරව පිළිගත් වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා වන ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සකස් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම නිර්දේශ ඉදිරිපත්කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය ඔක්තෝම්බර් 09 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය පළව තිබුණි.

ඒ අනුව වෛද්‍ය ආඥා පනත සංශෝධනය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් කරනු ලැබ ඇති පනත කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශන ලැබී තිබේ.

එම කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාවටයි එලෙස අනුමැතිය ලැබී ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...