පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹන්න වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අනුමැතිය!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තරව පිළිගත් වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා වන ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සකස් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම නිර්දේශ ඉදිරිපත්කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය ඔක්තෝම්බර් 09 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය පළව තිබුණි.

ඒ අනුව වෛද්‍ය ආඥා පනත සංශෝධනය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් කරනු ලැබ ඇති පනත කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශන ලැබී තිබේ.

එම කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාවටයි එලෙස අනුමැතිය ලැබී ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...