නව ග්‍රාම නිලධාරීන් 1942කට පත්වීම් ලිපි හෙට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW):හෙට (08) සිට නව ග්‍රාම නිලධාරීන් 1942ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමත අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (08) පෙරවරුවේ නව ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

ඊයේ (06) ග්‍රාම නිලධාරි 3 වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942කගේ නාම ලේඛනය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබිණි.

පත්වීම් ලබන සියලු දෙනාගේ නම් www.moha.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවසූ අතර, විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 වැනි දින ග්‍රාම නිලධාරි විභාගය පවත්වන ලදි.

මෛ ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන් අතරින් කිසියම් අයකුට කැඳවීම් ලිපි ලැබී නොමැති නම් අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...