වියළි හා දැඩි රස්නය නිසා විජලනය, තාප කම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය දීපාල් කියයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW): මේ දිනයන්හි පවතින උෂ්ණත්වය සහිත කාලගුණය නිසා විජලනය, තාප කම්පන තත්ත්වයන් ඇති වී දරුවන්ට විභාගයට මුහුණදීමට නොහැකි වීමේ අවදානමක් පවතින අතර එය වළක්වා ගැනීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික පාන වර්ගය භාවිතය ඉතා අවශ්‍ය බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

වියළි හා දැඩි රස්නය සහිත කාලගුණික තත්ත්වයක් පවතින හෙයින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සා/පෙළ විභාගයට පෙනී සිටින දරුවන් විභාගයට වාඩි වීමට පෙර ජලය පානය කිරීමෙන් විජලන තත්ත්වයට පත් වීම වළකාගත හැකි බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියයි.

දරුවන් විභාග ශාලාවට යෑමේදී වතුර බෝතලයක් ගෙන යෑමට අමතක නොකළ යුතු බවත් විභාගය ලියන අතරතුරේදී ජලය පානය කිරීම වැදගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළ අතර, ජලය පානය කිරීමට ගත වන විනාඩි කිහිපය අපතේ යෑමක් ලෙස දරුවන්ට සහ වැඩිහිටියන්ට සිතෙන්නට හැකි බවත් නමුත් ඊට වඩා විභාගය පවතින කාලය පුරාවටම නිරෝගිමත් ලෙස විභාගයට මුහුණ දීමට හැකියාව පවත්වාගත යුතු බවත් ඒ මහතා පැවසීය.

වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ, විජලනය සහ තාප කම්පන තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා තැඹිලි, කුරුම්බා වතුර, සුප්, කැඳ, පලතුරු යුෂ යනාදිය දරුවන් මෙන්ම වැඩිහිටියන් ද මේ දිනයන්හි පානය කිරීම අවශ්‍ය බව ද හෙතෙම පැවසීය. කෘත්‍රිම පැණි බීම හෝ වෙනත් කෘත්‍රිම පාන වර්ග භාවිතය විජලනය ඇති වීමට හේතුවක් විය හැකි බවත් එම නිසා ස්වාභාවික දියර වර්ග හැර කෘත්‍රිම දියර වර්ග භාවිතයෙන් වැළකිය යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනගාරයෙන් ඇසෙන කතා!

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ LNW : ඊයේ (29)...

ජාතික ක්‍රීඩා උළෙලේ සමාප්තිය පුරුදු පාරෙම ගාල්ලට

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW:  මේ වන...

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය මරුට !

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය සිය...