*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල් සකියා වර්දාක් විසින් කිලෝග්‍රෑම් 25ක රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට රැගෙන ඒමේදී පැමිණි මුම්බායි ගුවන්තොටුපොළේදි හසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය රුපියල් කෝටි 18.6ක් වටිනා මෙම රත්රන් තොගය ඇය විසින් ඩුබායි නුවර සිට රැගෙන ආ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම බලධාරීන්ට හසු වී ඇත්තේ ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය මාස 6ක කාලයක් පුරා ඇය පිළිබඳ නිරීක්ෂණය කිරීම හේතුවෙන් බව ද වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය කර ඇතැයි ද, ඒ පිළිබඳ ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය විමසිලිමත් වූ බවයි.

එම රන් තොගය ඇය හැඳ සිටි කබායේ සඟවාගෙන සිටි බවත්, මුම්බායි ගුවන්තොටුපොළේදි ආදායම් බුද්ධි ඒකකයේ නිලධාරීන් ඇගේ කබාය පරීක්ෂා කිරීමෙන් පසු එම රන් තොගය සොයා ගැනීමට හැකිවූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan