ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල් සකියා වර්දාක් විසින් කිලෝග්‍රෑම් 25ක රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට රැගෙන ඒමේදී පැමිණි මුම්බායි ගුවන්තොටුපොළේදි හසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය රුපියල් කෝටි 18.6ක් වටිනා මෙම රත්රන් තොගය ඇය විසින් ඩුබායි නුවර සිට රැගෙන ආ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම බලධාරීන්ට හසු වී ඇත්තේ ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය මාස 6ක කාලයක් පුරා ඇය පිළිබඳ නිරීක්ෂණය කිරීම හේතුවෙන් බව ද වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය කර ඇතැයි ද, ඒ පිළිබඳ ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය විමසිලිමත් වූ බවයි.

එම රන් තොගය ඇය හැඳ සිටි කබායේ සඟවාගෙන සිටි බවත්, මුම්බායි ගුවන්තොටුපොළේදි ආදායම් බුද්ධි ඒකකයේ නිලධාරීන් ඇගේ කබාය පරීක්ෂා කිරීමෙන් පසු එම රන් තොගය සොයා ගැනීමට හැකිවූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...