කොළඹ LNW:On Arrival වීසා ප්රශ්නය සම්බන්ධයෙන් අද (07) දිනයේත් පාර්ලිමේන්තුවේදී අවධානයට යොමුවුණා.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අභියෝග කරමින් පැවසුවේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව පවා නොමඟ යවමින් සිටින බවයි.
කෙසේවෙතත් වීසා ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තමන් පැවසූ බවට කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් පවසන කාරණා වල නිවැරදිභාවයක් නොමැති හෙයින් කරුණාකර හැන්සාඩ් පරීක්ෂා කර බලා කතා කරන ලෙසත් මහජනයාව නොමග නොයවන ලෙසත් අමාත්‍යවරයා නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඒ අවස්ථාවේදී ඉල්ලා සිටියේය.
ASK