තවත් රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි. ජනපති එය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි …

Date:

තමන් සමූපකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදුන් බව ගුණපාල රත්නසේකර මහතා පවසයි.

එහෙත් ජනාධිපතිවරයා ඒ මොහොතේදී ම එම ඉල්ලා අස්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

“මම අවංකව පිළිගන්නවා මේ අමාත්‍යධූරවල වැඩකරන්න පුළුවන් තරම් වාතාවරණයක් නෑ. ඒ නිසා මම පෞද්ගලිකව මගේ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ඊයේ හැන්දෑවේ ජනාධිපතිවරයාට භාරදුන්නා. ජනාධිපතිවරයා ඒක ඒ වේලාවේ භාරගැනීම ප්‍රතික්ෂේප කළා. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා මම ලිපිය දීලා ආවා. මේ අමාත්‍ය ධූරයේ කටයුතු කරන්න තරම් සාමාජීය හා දේශපාලන ස්ථාවරභාවයක් රටේ නෑ. රටක අපිට අමාත්‍යාංශයක වැඩකටයුතු කරගෙන යන්න මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම ස්ථාවරභාවයක් තියෙන්න ඕනේ. සියල්ලට කලින් මේ ස්ථාවරභාවය හදන්න ඕනේ”

ගුණපාල රත්නසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...