ඉතාම වටිනා අවස්ථාවක් අහිමි වුණා. සජිත් ගන්නේ නැත්නම් මම ගන්න සූදානම් – චම්පික (VIDEO)

Date:

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් රජයේ වගකීම භාරගැනීමට විපක්ෂය සූදානම් වියයුතු යැයි තමන් අවධාරණය කරන බවත් ඒ වගකීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් රාජපක්ෂවරුන් නොමැති ආණ්ඩුවක වගකීම භාරගැනීමට තමන් සූදානම් බවත් 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“ඉතාමත්ම වටිනා අවස්ථාවක් තිබුණා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට බහුතරයක් පාර්ලිමේන්තුවේ නෑ කියලා පෙන්නන්න. ඒ වටිනා අවස්ථාව යම් යම් කට්ටිවාදී වැඩපිළිවෙලවල් නිසා අහිමි වීම ගැන අතිශයින්ම කණගාටුවට පත්වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ පොදු හැසිරීම ගැන මන්ත්‍රීවරයෙක් හැටියටත් මම ලැජ්ජාවට පත්වෙනවා. අද මේ ගෙනියන අරගලය, මේ තරුණයින්ගේ සහ මේ රටේ පොදු ජනතාවගේ අරගලය ගැන අපිට සතුටුයි. මොකද තව දුරටත් මේ රට වංචනික විදිහට මංකොල්ලකාර පවුලකට රටේ 55 ලක්ෂයක් පවුල් යටපත් කරගෙන පවත්වගන්න හැකියාවක් නෑ. අද ඇත්තටම මහජනයාව ට බංකර් හදාගන්න හැදුවට වැටවල් ගහන්න හැදුවට අද ඇත්තටම හිරකාරයෝ බවට පත්වෙලා තියෙන්නේ රාජපක්ෂ පවුල”

ප්‍රශ්නය – ඒ වගේම විපක්ෂය කියන විශ්වාසයක් තියන්න පුළුවන් වෙන්නේ මොකක්ද?

“විශ්වාසභංගයක් ගේනවා නම් එය ඉවත් වෙන්න ඕනේ කියලා, ඒ රජයේ වගකීම භාර ගැනීම පිළිබඳව විපක්ෂයටත් තිබිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා. එම වගකීම පිළිබඳ ගැටළු තියෙනවා නම්, ඒ ඕන වගකීමක් රාජපක්ෂවරු නැති ආණ්ඩුවක භාර අරගෙන සිදු කරන්න අපි සූදානම්”

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති නඩු කටයුත්තකට ඉදිරිපත් වීම සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...

කොළඹ නගර සභාව : රීසා – බල්තසාර් සටනේ නවතම තත්වය මෙන්න !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා...