ලංකාවේ හරිහමන් නිශ්පාදන ආර්ථිකයක් හෝ සේවා ආර්ථිකයක් හෝ මොන මගුලක්වත් නැත…
පාලකයො හොරාකන්නෙත් එක්කො ලෝකෙන් හම්බවෙන ඳිළිදු සහනවලින් නැත්තන් ඔවුන්ම ප්ලෑන් කරලා ඔවුන්ම අමාත්‍යාංශ බෙදාගෙන ණය අරන් කරන සංවර්ධන ව්‍යාපෘති වලින්..
ලෝකෙ රටවල් උලා කාපු දේශපාලන හොරු බිහි උනේ අසියානු, අප්‍රිකානු, හෝ ලතින් ඇමරිකානු කලාපවල..
මේ හැම රටකම ආර්ථික හා සමජ පසුබිම ලංකාවේ වගේමයි..
මේ හැම රටකම හිටියේ දේශපාලකයා කරගහගත්ත මිනිස්සු මිසක් විචාරශීලී ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෝ හිටියේ නෑ…
මේ පසුගාමී රටවල්වල මිනිස්සු හැමදාම බලන් හිටියෙ ඔවුන්ගේ ඉතිහාස ගැලවුම් කාරයා එනකන්….
විටෙක ඔහු දියසෙන් කෙනෙක්..
තවත් විටෙක මහරජ කෙනෙක්..තවත් විටෙක පොඩි තැනකින් එන අපේම කෙනෙක්…
මේ කවුරු ආවත් එන්නෙ ගලවාගැනීමේ බූමිකාවට නම් බලය ගත්තට පස්සෙ වෙන්නෙ එකම දේ….
වීරයා නැත්නම් ගැලවුම් කාරයා කියන්නෙම දුර්වලයන්ට බැරිදේ ඔවුන් වෙනුවෙන් ඉටුකර දෙන පුත්ගලයට. ..
මෙතෙන්දි මාක්ස් කියන්නෙ වීරයා හැදෙන්නෙ දුර්වල පසුගාමී සමාජයක කියලයි…
මෙතනදි එක වීරයෙක් එලවන්ට තව වීරයෙක් ඕන වෙනවා..අන්තිමේදී ඉතිරි වෙන්නෙ වීරයන් විසින් උලාකාපු බූමියක්…
ගලවාගැනීමේ බූමිකාවට ආරූඩවෙලා එන ඕනම කෙනෙක් ඉන්නෙ සාමාන්‍ය සමාජයට ඉහලින්…
ඔහු නිකම්ම ප්‍රභූවර ශුද්ද චරිතයක් බවට පත්වෙනවා…
ඊළඟට ඔහුවෙනුන් බෙල්ල දෙන විශාල අන්ද අනුගාමිකයන් පිරිසක් හැදෙනවා..
ඊළඟට දේශපාලකයා උත්තම චරිතයක් උනාට පස්සෙ සමහරවිට අනුගාමිකයො ඔහුව විගනනය කරනවට කැමති නෑ..විගනනය වීම ශුද්ද චරිතයට වන කැලලක් කියලයි සැලකෙන්නේ..
පසුගාමී රටවල්වල පාලකයට හැදෙන මේ දැවැන්ත ප්‍රතිරූපය විසින්මයි හොරකමට දූෂණයට පාර කැපෙන්නෙ…
දායකසබාවල් වර්ගයේ ජනපදනමක් නැත්තන් පාලකයින්ට හොරාකන්ට බෑ..
මේ රටවල් එක අගාදයක් වෙනුවට ඊටත්වඩා ගැඹුර තවත් ආගාදයකට වැටෙනවා විනා බොහෝදුරට ගොඩ ඒමක් නැත..
ජනතාව ස්වර්ගයක් කියලා රැවටෙන්නෙ තිබුනටත් වඩා අපායකට..
- ප්‍රියශාන්ත රාජපක්ෂ