හදිසි නීති රෙගුලාසි වහාම හකුළා ගන්න – නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි

Date:

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ හදිසි නීති රෙගුලාසි වහාම ඉවත් කර ගන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ අයුතු ලෙස රඳවා ගැනීම සඳහා හදිසි නීති කිසිදු අයුරකින් භාවිතා නොකළ යුතු බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන භාෂණයේ නිදහස හා සාමකාමීව රැස්වීමේ නිදහසට කිසිදු අයුරකින් බාධා එල්ල නොවිය යුතු බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

රටතුළ උද්ගතව ඇති තත්වය පාලනය කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි භාවිතා කිරීම විකල්පයක් නොවන බවත් සිදුකළ යුත්තේ මහජන මතයට එකඟවීම බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...