තවමත් විසඳුමක් නැති ගෑස් පෝලිම් – පැලවත්තේ දී ජනතාව පාරත් වසයි (VIDEO)

Date:

දින ගණනාවක් තිස්සේ ගෑස් පෝලිමේ සිටියද ගෑස් නොලැබීම නිසා අද (07) බත්තරමුල්ල පැලවත්ත මංසන්ධියේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ගෑස් මිලදී ගැනීමට පැමිණ සිටි ජනතාව විසින් ගෑස් ටැංකි වලින් මාර්ගය හරස් කරමින් විරෝධතාවේ නිරත වුණේ කඩිනමින් ගෑස් කටයුතු කරන ලෙස බලකරමිනි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වූ අතර තත්ත්වය සමනය කරගැනීමට තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාටම ඊට මැදිහත් වීමට සිදු විය.

දැනට ටෝකන් ලබා දී ඇති 200ක පිරිසකට තමන් කෙසේ හෝ ගෑස් ගෙන්වා ගෙන ලබා දෙන බවට එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා පොරොන්දු වූ අතර මාර්ගය හරස් නොකර විරෝධතාවේ නිරත වන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...