*
Wednesday, April 17, 2024
spot_img

Latest Posts

සඳුදා සිට අඛණ්ඩ විරෝධතා සතියක් – 17 වැනිදා පාර්ලිමේන්තුව වැටලීමටත් සූදානම් !

ජනතා ඉල්ලීම්වලට කන් දී ඉල්ලා අස්වීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩ විරෝධතාවයක් සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට අඛණ්ඩ විරෝධතා සතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

වෘත්තීය සමිති මැදිහත්වීමෙන් ඊයේ සංවිධානය කළ දීපව්‍යාප්ත හර්තාලය සාර්ථකව පැවති අතර ඒ සඳහා රටපුරා බොහෝ ජනතාවගේ සහයෝගය හිමි විය. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරතව සිටිද්දී රටපුරා නගර රැසක මහජන විරෝධතා පැවැත්විණි.

කෙසේ නමුත් ජනතා මතයට හිස නමා ඉල්ලා අස්වීමට ආණ්ඩුව සූදානම් නොමැති නිසා අඛණ්ඩ විරෝධතාවයක් සඳහා යාමට සිදුවන බවයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ලබන සඳුදා ආරම්භ වන විරෝධතාවය සිකුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

මීට අමතරව පාර්ලිමේන්තු රැස්වීම් යළි ආරම්භ වන ලබන 17 වැනිදා පාර්ලිමේන්තුව වැටලීමටද වෘත්තීය සමිති සූදානම් වේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තු වටරවුම අසල ආරම්භ වූ හොරු ගෝ ගම විරෝධතාවයද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ අතර ශිෂ්‍ය සංගම් නායකයන් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු රැස්වීම් යළි ආරම්භ වන දිනයේදී යළිත් විරෝධතාවය ආරම්භ කිරීමට සූදානම් බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan