ඉන්දියාවේ මිසයිල ප්‍රහාරයකින් පාකිස්තානයේ 8 දෙනෙකු මරුට; පාකිස්තානය ඉන්දීය ජෙට් යානා දෙකක් බිම හෙලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(07)අලුයම ඉන්දියාව විසින් පාකිස්තානයේ ත්‍රස්තවාදී ඉලක්ක නවයක් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් දරුවකුද ඇතුළුව පුද්ගලයා 8 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පාකිස්තානයේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන පන්ජාබ් හි බහවල්පූර් නගරයේ මුස්ලිම් පල්ලියක්, පන්ජාබ් හි මුරිඩ්කේ සහ පකිස්තාන පාලිත කාශ්මීරයේ කොට්ලි හි ත්‍රස්තවාදී යටිතල පහසුකම් ඉලක්ක වෙත මිසයිල දියත් කර ඇති අතර ප්‍රහාරයෙන් අනතුරුව කාශ්මීරයේ පාලන රේඛාව හරහා ඉන්දියා හා පාකිස්තානු හමුදා අතර කාල තුවක්කු වෙඩි ප්‍රහාර මාලාවක් ද සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් අද උදෑසන ජාතික ආරක්ෂක කමිටුව රැස් කරමින් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සඳහන් කර තිබුණේ, ඉන්දියාව විසින් පනවන ලද මෙම යුද ක්‍රියාවට බලහත්කාරයෙන් ප්‍රතිචාර දැක්වීමට පකිස්ථානයට සෑම අයිතියක්ම ඇති අතර, බලගතු ප්‍රතිචාරයක් ලබා දෙනු ඇති බවයි. එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පකිස්ථාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්‍රි පැවසුවේ ඉන්දියාවේ ප්‍රහාර දරුණු ප්‍රකෝප කිරීමක්බවත්, සිය හමුදා අවම වශයෙන් ඉන්දීය ගුවන් හමුදා ජෙට් යානා දෙකක් වෙඩි තබා බිම හෙළා ඇති බවත්ය.

කෙසේ නමුත් මේ වන විට ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක් පකිස්ථානයට ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර එයාර් ඉන්දියා නිවේදනය කර තිබුණේ, ජම්මු, ශ්‍රීනගර්, ලේ, ජෝද්පූර්, අම්රිත්සර්, බුජ්, ජම්නගර්, චන්දිගාර් සහ රාජ්කොට් වෙත සහ ඉන් පිටතට ගුවන් ගමන් බදාදා මධ්‍යම රාත්‍රිය දක්වා අවලංගු කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...