අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් දෙකයි පනහෙන් පටන් අරන් මිලියනේ ගාවට ආවා – නාමල් (VIDEO)

Date:

කොළඹ LNW:අභියෝග රැසක් මැද ඒවාට සාර්ථකව මුහුණ දෙමින් කඳවුර ආරක්ෂා කර ගැනීම නිසා ප්‍රාදේශීය සභා 270කට අධික ප්‍රමාණයකට තරඟ කිරීමට පක්ෂයක් ඉතුරු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පක්ෂයක් ලෙස පසුගිය කාලය තුළ අඩුපාඩු හඳුනා ගෙන පක්ෂයක් ලෙස නවීකරණය වෙමින් අලුත් පරම්පරාවට ඔබින පක්ෂයක් ලෙස වෙනස් කළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ අතර මාලිමාවට බහුතර අසන ප්‍රමාණයක් නොමැති සභාවල ස්ථාවර සභා පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාදාමය කෙසේ වන්නේද යන්න පිළිබඳව දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ජා කර තීරණයකට එළඹෙන බවයි නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...