මගේ නායකයා සජිත්. මම ආණ්ඩුවට යන කතා බොරු – වඩිවේල් සුරේෂ් (VIDEO)

Date:

තමන් සංවිධානය කළ රැස්වීමකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණීම හේතුවෙන් ඇතිවුණු ප්‍රශ්නය මේ වනවිට අවසන්ව ඇති බවත් තමන් ආණ්ඩුවට එකතුවී ඇමති ධුරයක් ගැනීමට සූදානම් වන බවට පැතිර යන පුවතේ සත්‍යතාවයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් මොන පක්ෂයේද ?

“සමගි ජන බලවේගයේ”

ප්‍රශ්නය – ස්වාධීන වුණා කියලා කිව්වා නේද ?

“සමගි ජන බලවේගයේ මගේ සියලුම වගකීම්වලින් තමයි අස්වුණේ”

ප්‍රශ්නය – සජිත් එන්න ඕනෙ සමාව ගන්න කියලා, ඔබ ආයෙත් ගිහින් සජිත්ව හම්බුණාම ඔබ කරන්නේ ඔබේ ජනතාවට අසාධාරණයක්නෙ ?

“නෑ, ඒක වැරදියි. මගේ නායකයානෙ විපක්ෂතුමා. හම්බුවුණාම එතුමා කිව්වා කණගාටුවෙනවා, මම ඇවිල්ලා ඒ ජනතාව හම්බුවෙන්න කියලා”

ප්‍රශ්නය – එහෙම ඇවිල්ලා කිව්වෙ නැත්නම් මොකද කරන්නේ ?

“ඒක එතකොට බලමු”

ප්‍රශ්නය – ඔබ සජිත් මහත්තයාත් හම්බුවෙනවා, ජනාධිපතිතුමාත් හම්බුවෙනවා … ?

“ඉතින් පාර්ලිමේන්තුවේ ඔක්කොම හම්බුවෙනවානෙ”

ප්‍රශ්නය – අපට නම් ආරංචි ඔබ ඇමති ධුරයක් ගන්න යනවා කියලා ?

“නෑ, එහෙම දෙයක් නෑ”

“මම ණයත් නෑ – බයත් නෑ. මගේ ජනතාවට ප්‍රශ්න තියෙනකොට, මගේ ජනතාව බඩගින්නෙ ඉන්නකොට, නාය යනකොට, බඹරු විදිනකොට මට ගිහිල්ලා පක්ෂ, පාට, ලාංඡන කතා කරන්න ඕනෙ නෑ”

වඩිවේල් සුරේෂ් මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 24) දිනයේදී මධ්‍යම, ඌව...

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය...

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...