ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් අට දෙනෙකු මරුට

Date:

ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයට උතුරින් පිහිටි වෙළඳ සංකීර්ණයක නාදුනන තුවක්කුකරුවකු විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් සාප්පු සවාරි යමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු මියගොස් හත් දෙනෙක් රෝහල්ගත කර ඇති බවත්, ඔවුන් තිදෙනෙකුගේ තත්වය බරපතල බවත් ටෙක්සාස්හි හදිසි සේවා ප්‍රකාශ කර තිබේ.

පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ තුවක්කුකරු වෙඩිතබා ඝාතනය කළ බවත්, සැකකරු තනිවම ක්‍රියාත්මක වූ බවට සැක කරන බවත්ය.

ගිනි නිවීමේ ප්‍රධානී ජොනතන් බොයිඩ් පැවසුවේ තුවක්කුකරු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දෙදෙනෙකු පසුව රෝහලේදී මිය ගිය බවයි. ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් මෙම වෙඩි තැබීම “කිය නොහැකි ඛේදවාචකයක්” ලෙස විස්තර කළ අතර ප්‍රාන්ත බලධාරීන්ට ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බව පවසා තිබිණ.

එක්සත් ජනපදයේ තුවක්කු ප්‍රචණ්ඩත්වය පිළිබඳ ලේඛනාගාරයට අනුව, මේ වසරේ මේ දක්වා අවම වශයෙන් සමූහ වෙඩි තැබීම් 198 ක් වාර්තා වී තිබේ.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...