*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

රත්නපුර වනිගෙගේ අවුරුදු උත්සවය

රත්නපුර නගරය ආසන්නයේ ඉන්න වනිගරත්න වනිගසේකර මේ විදිහෙ නම් තියෙන කෙනෙක්ට ඔබ ආමන්ත්‍රණය කරන්නෙ වනිගෙ කියා නම් ලොකු ගැටළුවක් සිද්ධවෙන්න පුළුවන්.රත්නපුර නගරයට ඇවිත් ඔබ වනිගෙ ගැන ඇහැව්වොත් මුළු රත්නපුරයම දන්න වනිගෙගෙ ගේ දොරකඩ තමයි ඔබට නවතින්න වෙන්නෙ.වනිගේ රත්නපුර විතරක් නෙමෙයි ලංකාවෙ පාපන්දු සංස්කෘතිය හා පෑහුණ සියල්ලමත් දන්න කෙනෙක්.ඔහු රත්නපුර ඇලෝසියස් විද්‍යාලයට ක්‍රීඩා කරන සමයේම පුහුණු වැඩවලදිත් පෙරමුණ ගත්තා.එහෙම පෙරමුණ අරගෙන නොනැවතී විද්‍යාලයට සමස්ත ලංකා පාසල් සූරතාවය දිනා දෙන්නත් සමත් වෙනවා.


සී.පී.වනිගසූරිය රත්නපුර විතරක් නෙමෙයි පාපන්දු කේෂ්ත්‍රය ඇතුළෙ ලංකාවම දන්න නිර්මාණශීලී පුද්ගලයෙක්.ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ක්‍රීඩකයින් දුසිම් ගණනින් නිර්මාණය කරපු වනිගෙ වැඩි හරියක්ම ප්‍රකට රටට විශිෂ්ඨ දැල් රකින්නන් නිර්මාණය කරපු පුහුණුකරුවෙක් හැටියටයි.පෙණුමෙන් නො’උස් පුද්ගලයෙක් වෙන වනිගෙ ගෝලයේ හරස් භාරය හෝ පැන අල්ලන්න හෝ අසමත් කෙනෙක්.නමුත් පෙණුම ඉක්මවා ගිය දැණුම සහ නිර්මාණශීලී භාවය නිසාම රටම දන්න අති දක්ෂ පුහුණුකරුවෙක් ලෙස පාපන්දු ක්‍රීඩකයො සැළකුවත් අඩුම තරමේ කණිෂ්ඨ පුහුණු සංචිතයක්වත් භාර දී වැඩක් ගන්න ලංකාවෙ පාපන්දු බලධාරීන්ටනම් වනිගෙව වැදගත් වෙලා නැහැ.ඔවුන්ට වනිගෙව වැදගත් වෙන්නෙ නිලවරණයක් එන කොට විතරයි.ඒ වෙලාවට තමන්ට කෙසේ වෙතත් පාපන්දුවට හොඳක් වෙයි කියලා හිතලා දැඩි බලයක් තමන්ගෙ මතය හරහා යොදන මේ පෙණුමෙන් නො’උස් ඒත් දැණුමෙන්,හැකියාවෙන් සහ මනසින් උසස් මේ මනුස්සයත් වැටෙන්නෙ අවුරුදු කිහිපයකට වරක් සුන්දර සිහින දැක රැවටෙන්නන්ගේ ගොන්නටමයි.


මේ සියල්ල මත හිඳ වනිගෙ මෙවර රත්නපුරයෙ පාපන්දුව සමඟ බැදුණ ඉතිහාසයම කැටි කොට ඒ පවුල්වල අයව අගයන්න සහ ඔවුන්ට දායක වෙන්න පුළුවන් අවුරුදු උත්සවයක් මෙවර නිර්මාණය කරා.අවුරුදු ක්‍රීඩාවන් වගෙම නිර්මාණශීලී අංග රැසක් ඊට ඇතුළත් වුණා.විවිධාකාරයෙන් රත්නපුරයේ ක්‍රීඩාව හා සබැඳී ආදරණිය මිනිස්සුන්ට ආදරය ගෞරවය දෙන ආකාරයට එම ක්‍රීඩා උළෙලේ සැකස්ම සකස් කරන්නත් වනිගෙ සමත් වෙනවා.අපූරු ක්‍රීඩා ඉසව්,සංස්කෘතිකාංග මෙන්ම පාපන්දුවට අදාළව නිරමාණය කරපු ඉසව් වගෙම ලංකාවෙ පාපන්දු ක්‍රීඩාව පත් වී තිබෙන ඛේදවාචකයත් පාපන්දුවේ කිසිම කණ්ඩායමකට නතු නොවී ඔවුන්ගේ කුලල් කා ගැනීම සම්බන්ධයෙන් ඇති විරෝධයත් සමඟ පිට්ටනියට අරගෙන එන්නත් වනිගෙට හැකි වෙනවා.නාට්‍යානුසාරී ඒ ඉදිරිපත් කිරීම තමයි ලංකාවේ පාපන්දු ක්‍රීඩාව හා සබැඳි මේ මොහොතේ ඇත්තම තත්ත්වය ය.


පාපන්දුව වෘත්තියක් හැටියට තෝරා ගැනීමට අද සමාජයේ ඉඩක් නැත.පත් වූ සියල්ල කර ඇත්තේ එයය.ඒ නිසා කුඩා දරුවාගේ සිට විවිධ වෘත්තීන් කරන අය විනෝදයට පාපන්දු ක්‍රීඩා කිරීමේ සංස්කෘතිය ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වී ඇත.ඊටත් පිටින් රාජ්‍යයේ ආරක්ෂාවට සිටින පිරිස් (පොලීසිය) පුරවැසියා වෙනුවට ආරක්ෂා කරන්නේ පුරවැසියා බලය දුන් දේශපාලනඥයා ය.අවසානයේ දේශපාලනඥයාට අවශ්‍යය පාපන්දුව පවතින අතර ඔහුට එරෙහි වන පිරිස් සිටින්නේ පොලිස් කූඩුවේය.අවසානයේ අමාත්‍යවරයාට ගෝලය ගැසීමට අනිත් අයව මෙල්ල කළ පොලිස් නිලධාරියා පාපන්දුවේ අතුරු කමිටුවේ ප්‍රධානියා කර ඇමතිවරයා ප්‍රශ්නය විසඳන්නේය.
පාපන්දුවේ ඇත්තම ප්‍රශ්නය පාපන්දු ක්‍රීඩකයාට වෘත්තීය මට්ටමෙන් කටයුතු කරන්නට නැති පාපන්දු වෘත්තීයක් නොවි තිබීමය.විවිධ වෘත්තීන් හි නියැලෙමින් ඉන් උපයාගෙන අතින් කා හරක් බලන මට්ටමෙන් පාපන්දු කීඩා කරන්න වි ඇති රටක පාපන්දු පරිපාලනයේ වංචාවන් ගැන මිලියන බිලියන ගණනින් සාකච්ඡානට බඳුන් වෙද්දී කුමක් හෝ රැකියාවක් කර තුට්ටු දෙකක් හොයාගෙන එය පාපන්දුව වෙනුවෙන් වැය කරන සැබෑ පාපන්දු ආදරවන්තයෝ ඒ චෝදනාලාභි පාළකයන්ගේ නූල් වල ගැට ගසා රූකඩ සේ හසුරුවන සංස්කෘතියක් ලංකාවේ පාපන්දු සංස්කෘතිය සේ පවතින්නේය.ඒත් ඒ සියල්ල තව දුරටත් පෝෂණය කරමින් ක්‍රීඩා පණත හරහා ඇමතිගේ අභිමතය පරිදි දේශපාලන රූකඩයටද ක්‍රීඩාව අන්දමින් සිටිම පාපන්දුවට පමණක් නොව මේ රටේ ක්‍රීඩාවටම බලපාන ලොකුම අපලය ය.
ඉතාමත් විනෝදයෙන් සහ හාස්‍යයෙන් වනිගෙ කරපු මේ නාට්‍යානුසාරී ඉදිරිපත් කිරිම ඔහු පුහුණුකරුවෙක් විදිහට දක්වන නිර්මාණශිලීත්වයේම ප්‍රකාශයකි.බොහෝ අය පාපන්දුව පමණක් නොව රටේම ක්‍රීඩාව දේශපාලන කැමත්ත සේ තේරුම් ගැනීමටත් ඇත්තටම ක්‍රීඩාවේ දක්ෂයා සහ ආදරවන්තයා ක්‍රීඩාව කරන පොළවේ අසරණයෝ බවත් තේරුම් ගන්නට ප්‍රමාණවත් විය.තවමත් තේරුම් නොගත් ඇත්ත ක්‍රීඩාවේ සංදර්භය කියන්නට වනිගෙ ගත් උත්සාහය රත්නපුරට නොව සමස්ත ශ්‍රී ලංකාවේම ක්‍රීඩාවේ යම් යම් අත දීම් මාරයි කියා තමන්ගේ පැත්තෙන් ලැබෙන සතුට වෙනුවෙන් වනන මිනිසුන්ට ක්‍රීඩාව ක්‍රීඩා කරන හෝ ක්‍රීඩාව දන්න උන්ගේ නොවන බව තේරුම් ගැනීමට ප්‍රමාණවත් සාක්ෂියක් විය.
අපූරු අවුරුදු උථ්සවයට වගේම නිර්භිත සහ නිර්මාණශීලී ප්‍රකාශයට වනිගෙට මෙන්ම, වනිගෙගෙ මඟ පෙන්වීම මත පෙරට ආ රත්කපුර පාපන්දු ලිගයටත් අපි ප්‍රනාමය පුද කරමු!පහතින් දැක්වෙන්නේ එම බක්මහ උළෙලේ විශේෂ අවස්ථා කිහිපයකි.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan