ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැහැදිලි කිරීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී සන්නද්ධ හමුදාවේ පිවිතුරුභාවය පිළිබඳ ප්‍රශ්න කරන, යුද හමුදාව වෙතින් නෙරපා දමන ලද අපකිර්තිමත් හමුදා සේවා කාලයක් ඇති, හිටපු නිලධාරියෙකු විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයට එල්ල කරන පදනම් විරහිත චෝදනා තරයේ හෙළා දකින ආරක්‍ෂක අමාත්‍යාංශය, එම චෝදනා අසත්‍ය සහ නොමඟ යවන සුළු යැයි ප්‍රතික්ෂේප කරයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැහැදිලි කිරීම පහත පරිදි වේ;

කෙඩෙට් නිලධාරීන් සන්නද්ධ හමුදාවට බඳවා ගනු ලබන්නේ ඔවුන්ගේ සමාජ සහ පවුල් පසුබිම පිළිබඳ සියුම් අධ්‍යයනයකින් පසුව වන අතර,  නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සහ ඒ සම්බන්ධ වැරදි හමුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨය තුල මත්ද්‍රව්‍ය චෝදනාවන්ට ලක්වූ සහ ඊට සම්බන්ධ පුද්ගලයින් යුද හමුදාවෙන් නෙරපීමට මේවන විටත් කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකා යුද හමුදාව සෑම විටම සියලුම නිලයන් අතර විනය ඉතා තදින් ආරක්‍ෂා කිරීමට නිරතුරුවම ක්‍රියා කරනු ඇත.

තවද, මාස කිහිපයක සිට සිදුකරන ලද අධ්‍යනකින් පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය මත ත්‍රිවිධ හමුදාව තුල මෑතකදී සලාක දීමනාව සඳහා සංශෝධනයන් සිදුකල අතර, එය හුදෙක්ම සන්නද්ධ සේවා පුද්ගලයින්ගේ ‘තුලවාසී’ සහ ‘පිටතවාසී’ දීමනා අතර පැවති අසමානතාවය නිවැරදි කිරීම සඳහා වන අතර, එය වෙනත් පරිභාහිර පුද්ගලයකුගේ හෝ වෙනත් බලපෑමක් මත සිදුකරන ලද්දක් නොවන බව සඳහන් කල යුතුය.

එමෙන්ම, සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු සහ සේවාවන් ත්‍රිවිධ හමුදාවන් තුලින් නිසි ක්‍රමවේදයකට අනුව සිදුකරනු ලබන බව ද, ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් අවධාරණය කෙරේ.

එසේම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය පහත හෙලීමට බලවේගයන් ක්‍රියාකාරී වන බවද, එමගින් රට තුල අනාරක්‍ෂිතභාවයක් ඇති වන බවද, ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනා හොඳින් දන්නා කරුණකි. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙලෙස අධෛර්යයට පත් නොවන පුද්ගලයන් වන අතර, ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරයය නොසැලී පෙර පරිදි ඉදිරියටත් කටයුතු කරනු ඇත.

ඇතැම් මාධ්‍යජාල විසින් එවැනි සනාථ නොකළ චෝදනාවක සත්‍ය අසත්‍යයතාව සොයා බැලීමකින් තොරව, එම චෝදනා සඳහා පැහැදිලි කිරීමක් හෝ කරුණු විමසීමකට ලක් නොකර කටයුතු කිරීම පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය කණගාටුව ප්‍රකාශ කර සිටී.

ජාතික ආරක්‍ෂාව සහතික කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්යභාරය වන අතර, මෙම අමාත්‍යාංශය ජාතික ආරක්‍ෂාව තහවුරු කිරිම සඳහා සැමවිටම කැපවී ක්‍රියා කරනු ඇත.

Media Centre
Ministry of Defence

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය