මෙරට භාණ්ඩ අපනයනයට තර්ජනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ‍රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් විසින් කොළඹ වරාය හරහා සිදුවන අන්තරාළ වෙළෙඳාම මඟින් මෙරට කීර්ති නාමයට හානිවන ආකාරයේ ජාවාරමක් පිළිබඳව  විමර්ශන ආරම්භ කර තිබේ.

වෙනත් රටක සිට භාණ්ඩ ආනයනය කර රේගු ගාස්තුවලින් තොරව වරාය තුළ රඳවා යළි තවත් රටකට අපනයනය කිරීම මෙම අන්තරාළ වෙළෙඳාම මඟින් සිදුකරනු ලබන අතර, ආනයනය කරන භාණ්ඩය තවත් රටකට අපනයනය කිරීමේදී එය ශ්‍රී ලංකාවේ සිට එවා ඇති බවට ලිඛිතව දැනුම්දීම සිදුවන අතර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් හරහා අපනයනය සිදුවන බව වාර්තා වේ.

මේ වන විට මෙම අන්තරාළ වෙළෙඳාම ජාවාරම්කරුවන් පිරිසක් විසින් අවභාවිතා කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති අතර, ආනයනය කරන භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලෙස ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කර අපනයනය කිරීම මෙහිදී ජාවාරම්කරුවන් විසින්  සිදුකර ඇති බව වාර්තා වේ.

රේගුවට ද වංචා සිදුකරමින් මෙලෙස ව්‍යාජ ලියකියවිලි සකස් කර අපනයනය කරන ලද රේගු බහලුම් 04ක් පිළිබඳව මේ වන විට රේගු මධ්‍යම බුද්ධි අංශය විසින් විමර්ශන ආරම්භ කර තිබෙන අතර , ඉන් බහාලුම් 02ක් කොළඹ වරායේ රඳවාගෙන ඇති අතර තවත් බහාලුම් 02ක් මේ වන විටත් විදෙස් රටවලට යවා ඇති බව වාර්තා වේ.

මෙම අන්තරාළ වෙළෙඳාමට අදාළ ජාවාරමට සම්බන්ධ ඇතැම් සමාගම්වල හිමිකරුවන් ඉන්දියානු ජාතිකයින් වීම හේතුවෙන් සිදුකරන විමර්ශනවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වන අතර , පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන බහාලුම් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ඇතැම් රටවල් කටයුතු කරමින් සිටින බව පැවසේ.

රේගු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ක්‍රියාවලියට ඉදිරියේදී බරපතළ තර්ජනයක් විය හැකි බවය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...

හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ...