ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කෙරේ !!

Date:

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කරමිනි.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවට ඕෂල හේරත් මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබුණු අතර එම පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව ඕෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබුණු අතර එහි තීන්දුව අද දිනයේදී මෙසේ ප්‍රකාශයට පත්කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...