*
Monday, May 20, 2024
spot_img

Latest Posts

තවත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW):මෙරට ත්‍රිවිධ හමුදාවේ සේවය කල හමුදා විශ්‍රාමිකයින්ට ඉහළ වැටුප් හා වරප්‍රසාද හිමිවන බව පවසමින් නොමග යවා රුසියා යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ ජාවාරමේ තොරතුරු හෙළිවී ඇති බව වාර්තා වේ.

ත්‍රිවිධ හමුදාවේ සේවය කර විශ්‍රාමලත් පුද්ගලයින්ට රුසියා හා යුක්‍රේන හමුදාවන්ට අනුයුක්තව කටයුතු කිරීමට අස්ථාව සලසා දෙන බවත් එම රටවල පුරවැසිභාවය ඇතුලු වරප්‍රසාද රැසක් ලබාදෙන බව පවසමින් මෙම මිනිස් ජාවාරම ක්‍රියාත්මක වන බව හෙළිවී ඇත.

මේ වන විට හෙළිවී තිබෙන්නේ, එසේ නොමග යවා එම රටවලට රැගෙන යන පුද්ගලයින් කුලී හමුදාවන්ට අනුයුක්ත කර කිසිදු පහසුකමක් ලබානොදෙන බවයි.

එමෙන්ම ඔවුන්ට යුද්දයේ දී බරපතළ තුවාල සිදුවීමක දී කිසිදු හව්හරණයක් නොලැබෙන අතර ඇතැම් පුද්ගලයින් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බව ද වාර්තා වේ.

නාවික හමුදාව ඉල්ලා සිටින්නේ, එම ජාවාරමට හසුනොවන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන්නන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් නාවික හමුදා මුලස්ථානය දැනුවත් කරන ලෙසයි.

එම තොරතුරු දැනුම් දිය හැකි දුරකථන වන්නේ, 0117192142 හෝ 0117192250 යන දුරකතන අංකවලටයි,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan