උසස් අධ්‍යාපනයට ඔබත් තෝරගත්තේ ඔස්ට්‍රේලියාවද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු ඉතුරුම් මුදල යළි ඉහළ දැමීමට එරට බලධාරීන් කටයුතු කරඇති බව පැවසේ.

ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ, ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමට බවයි.

මැයි 10 වැනිදා සිට ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයැදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($19,576)ක් ඇති බවට තහවුරු කළ යුතුයි.

2023 ඔක්තෝබර් මාසයේදී එම මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමූ අතර, ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ආදායම් මාර්ගයක්ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...