(VIDEO):නන්දලාල් ආපහු ඇනගෙනද? චරිත සහ විමල් මහ බැංකුවේ රෙදි යළි ගලවයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා මහ බැංකුවේ හැසිරීම සම්බන්ධයෙන් යළිත් වරක් පාර්ලිමේන්තුවේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

මහා බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ තුළ ඔවුන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය සහ මහ බැංකුව එලෙස දැක්විය නොහැකි අතර මහ බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයේම කොටසක් වන බවයි මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ.

මේ අතර මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ඉදිරිපත් කර තිබෙන කරුණු වල විශාල පරස්පරතාවක් පවතින බවත් මෙම කරුණු ගැන අංශික අධීක්ෂණ කාරක සභාවක හෝ රාජ්‍ය මුදල් කාරක සභාවෙන් විමසිය යුතු වන බව හේරත් මහතා කියාසිටියි.

මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව ගැන බරපතල ප්‍රශ්න රැසක් මතුව තිබෙන අතර එහි භාෂාවද යොදාගෙන ඇත්තේ වැරදිය බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මහ බැංකුවට අදාළ නව පනත පැමිණීමෙන් පසු එහි ඇතැමුන් සිතන්නේ එය රාජ්‍යය අයිති නොමැති ආයතනයක් ලෙස යැයිද චරිත හේරත් මහතා පෙන්වාදෙයි.

එම වාර්ෂික වාර්තාවට අනුව වැඩ ඇත්තේ මහ බැංකුව වන අතර පිස්කල් ප්‍රතිපත්තියට අදාළව කිසිවක් නොමැති බවත් එය කැබිනට් මණ්ඩලයට විශාල බලපෑමක් බවද හෙතෙම කියාසිටියි.

මහ බැංකුවේ මෙම වත්මන් හැසිරීම නිරාකරණය කරගත යුතුව තිබෙන අතර වහාම ඔවුන් කැඳවා ප්‍රශ්න කළ යුතුව තිබෙන බවයි ඊට ඌණ පූරණයක් ඉදිරිපත්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...