*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

වයඹ, නුවරට පැමිණ පළාත් හතරක් එක්ක පෑ මුෂ්ටි හරඹවල සූරයන් කන්තලෙන්,සූරියන් වෑඋඩෙන්

සටහන – නිශ්මං රණසිංහ

මැයි 08, කොළඹ (LNW): දෙයක් පටන් ගන්න අමාරුයි.විවිධ බාධා එනවා.ඒත් කණ්ඩායමක් හැටියට එක දිගට එකට වැඩ කරන පිරිසක් සහ සියල්ලන්ටම එකම හැඟීමක් තියෙනවනම් ඒක ආශිර්වාදයක් කරගෙන නැඟිටින්න ක්‍රමයක් හම්බ වෙනවා.
සම්ප්‍රදාය රකිනවා වගේම ඒවා වඩා වටිනාකම් සහිත සහ විනාශකාරී නොවන තැනකට රැඟෙන යාමත් අතිශයින් වැදගත් වෙනවා.මේ ප්‍රවේශය ඇතුළෙ එහෙම වෙනස් වුණු වැඩ සටහනකට මුල පුරලා තියෙන ජාතික බොක්සිං සංගමය එල්.වී.ජයවීර සහ ඩොනල්ඩ් මුණසිංහ තරගාවලි මුල් පරමාර්ථයට අවුලක් නොවන්න බොක්සිං ක්‍රීඩාව ජනතාව අතර ආකර්ශණීය දෙයක් තිරිමේ වැඩි ඉඩක් නිර්මාණය කරන්නට උත්සාහ කිරීම අතිශයින් වැදගත් වෙනවා.

පිරිමි අංශයේ ශුරතාවය කන්තලේ වෙන්ඩාර්සපුර්ම් පාසල (රන් පදක්කම් 04/රිදී 01)


එල්වී ජයවීර කුසලානය සඳහා ලංකාවම එක තැනකට එකතු කර ගැනීම වෙනුවට ජාතික මට්ටමේ තරගාවලියක වටිනාකම වැඩි වන ආකාරයේ ඉහළම දක්ෂයන් කැඳවාගෙන ඒම සහ තරගකාරී අවස්ථාවන් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට වැඩිපුර ලැබෙන ක්‍රමයක් හැදීමේ ජාතික අවශ්‍යයතාවය ශ්‍රී ලංකා බොක්සිං උප සභාපති වසන්ත කුමාර විතානගේට සිහිපත් වෙනවා.කාලයක් තිස්සේ බොක්සිං සෙවණේ වැඩුණා කීමට වඩා බොක්සිං තමන්ගේ සෙවණේ හැඳූ වැඩුව බව කිව හැකි ඩයන් ගෝමස් යටතේ මේ අලුත් අදහස්වලට ලැබෙන සියලු ආකාරයේ ආශිර්වාදයත් එක්ක ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රධානීන් සමඟ විවිධ මට්ටමේ සාකච්ඡා අති කර ගනිමින් මේ මිණිමය අදහස කැපී ඔප වැටෙන වැඩ පිළිවෙලක් බවට පත් වෙනවා.
ඒ අනුව පළාත් මට්ටමට විසුරුවා එල්.වී.ජයවීර සහ ඩොනල්ඩ් මුණසිංහ ආධුනික පාසල් බොක්සිං තරගාවලියේ මූලික වට පළාත් මට්ටමට විසුරුවා තිබෙනවා.ඒ අනුව වයඹ පළාත් බොක්ෂිං සංගමයේ මුලිකත්වයෙන් වයඹ, ඌව ,උතුර, නැගෙනහිර යන පළාත් නියෝජනය වන ආකාරයට පැවත් වු සුදුසුකම් ලබා ගැනිමේ තරගාවලිය අති සාර්ථකව 2024 මැයි මස 2,3 යන දිනයන් හි නුවර ශා/සිල්වෙසටර් පාසල තුළ පැවත්වුණා.

කුරුණෑගල වැඋඩ මහා විද්‍යාලය කාන්තා අංශයේ ශුරතාවය (රන් පදක්කම් 05/රිදි පදක්කම් 02)


මෙම තරගාවලිය සාර්ථකව අවසන් කිරීම සඳහා වයඹ පළාත් බොක්සිං සංගමය වෙත සහයෝගය දැක්වූ ශ්‍රි ලංකා බොක්ෂිං සංගමයේ සභාපතිතුමා ඩයන් ගෝමස් මහතා සහ එම සංගමයේ උප සභාපති දෙපල වසන්ත කුමාර විතානගේ සහ හේමන්ත වීරසිංහ ද, මෙම තරගාවලිය විනිසුරු කටයුතු සිදු කිරීම සදහා පැමිණි රුක්මන් වෑකඩපොළ ඇතුලු ශ්‍රි ලංකා බොක්සිං විනිසුරුවන්ගේ කොමිසමේ නිලධාරී මන්ඩලයද, මෙම තරගාවලිය පැවත්විමට ස්ථානය වෙන් කර දුන් ශා/සිල්වෙසටර් පාසලේ විදුහල්පති ඇතුලු කාර්ය මණ්ඩලය ද ශක්තියක් කර ගනිමින් මේ තරගාවලිය සාර්ථකව නිමාව දුටුවා.

ආර් .එම්.අයි.එස්.රත්නායක වටරැක මහා විද්‍යාලය

2024 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා බොක්ෂිං සංගමයේ උප සභාපතිතුමාගේ මුලිකත්වයෙන් ආරම්භ කරනු ලැබු වයඹ පළාත් බොක්සිං සංගමය මේ වන විට සාර්ථක පුහුණුකරු පාඨමාලාවක් පවත්වමින් නව පුහුණුකරුවන් 17 දෙනෙකු වයඹ පළාත් පාසල් සහ ක්‍රිඩා සමාජයන් වෙත 2024 මාර්තු මාසය තුල යොමු කර අතර එහි ප්‍රතිථලයක් ලෙස මාස දෙකකට අඩු කාලයක් තුලදී වයඹ පළාතේ පාසල් 07 ක් පාසල් ක්‍රිඩක/ ක්‍රිඩිකාවන් 38 ප්‍ර්‍රමාණයක් මේම තරගාවලිය ට ඉදිරිපත් කිරීමට හැකි වීම අදහස්ක ක්‍රියාත්මක කිරීමේදී ඒ අදහස තවත් වැඩ සැළසුම්වලින් පොහොසත් කිරීමෙන් එකතුවන හැඩය මතු කර පෙන්වීමක්.
ඉදිරියේදී පැවත්විමට නියමිත එල් වි ජයවිර සහ ඩොනල්ඩ් මුනසිංහ යන තරගාවලියන් සදහා සුදුසුකම් සම්පුර්ණ කර ඇත මේම තරගාවලියේ පිරිමි අංශයේ ශුරතාවය රන් පදක්කම් 04 ක් රිදි පදක්කම් 01 ලබා ගත් කන්තලේ වෙන්ඩාර්ස්පුරම් පාසල ද අනු ශුරතාවය රන් පද්කකම් 03 ක් හා 01 රිදී පදක්කමක් ලබා ගත් බණ්ඩාරවෙල විදයලායද ලබා ගනු ලැබිය කාන්තා අංශයේන් කුරුණෑගල වැඋඩ මහ විදයාලය රන් පදක්කම් 05 ක් රිදි පදක්කම් 02 ලබා ගෙන ශුරතාවය ලබා ගත් අතර යට්යන ගුනානන්ද පාසල රන් පදක්කම් 04ක් ,රිදි පදක්කම් 02,ලෝකඩ පදක්කම් 02 ක් ලබා ගෙන අනු ශුරතාවය ලබා ගන්නා ලදි තරගාවලියේ පිරිමි අංශයේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස කුරුණෑගල වටරැක මහා විද්‍යාලයේ ආර්අයිඑම්එස් රත්නායක කුසලාන ලබා ගත් අතර දක්ෂතම පරාජිත ක්‍රිඩකයා ලෙස වව්නියා අන්නානගර් පාසලේ එම් ප්‍රියතිව් ප්‍රිකාශ් විසින් කුසලාන දිනා ගන්නා ලදි.

දක්ෂතම ක්‍රීඩීකාව එච්ජීඕඑස් රත්නායක

කාන්තා අංශයේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස එච්ජීඕඑස් රත්නායක කුරුණෑගල වැඋඩ මහා විද්‍යාලයට එම ජයග්‍රහණය දිනා දුන්නාය. කුරුණෑගල යට්යන ගුනානන්ද පාසලේ එච්ඩීඒ රත්නමලල දක්ෂතම පරාජිත ක්‍රිඩිකාව වූවාය. දින දෙකක් පැවත් වු මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බොක්ෂිං සංගමයේ උප සභාපතිතුමා වන වසන්ත කුමාර විතානගේ මහතා සම්බන්ධ වූ අතර වයඹ පළාත් පාසල් බොක්සිං සංගමයේ නිලධෘරීහූ තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් මූලිකව කටයුතු කළ සාර්ථක ශා/සිල්වෙසටර් පාසලේ බොක්ෂිං පුහුණුකරු ජමිත ගයාන් හා ඔහු සමග එක් වි තරගාවලියේ තාක්ෂණික සහය ලබා දුන් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ කරන කණිශ්ක සමරකෝන යන දෙදෙනා ට විශේෂ ස්තුතිය පුද කරන අතර ශ්‍රි ලංකා පාසල් බොක්සිං සංගමයේ ලේකම් තුමා වන කේකේ සුනිල් ,ශ්‍රි ලංකා බොක්ෂිං පුහුණුකරුවන්ගේ කොමිසමේ සභාපති චන්දිමාල් ඇලෙක්සැන්ඩර් යන්නන් ද සිහිපත් කළ යුතු බව කීහ

දක්ෂතම පරාජිත ක්‍රීඩකයා

දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan