(VIDEO) ලාබ ලැබෙන ආයතන වලට රජය හොර රහසේම කරන දේ දයාසිරි එළිපිටම කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW):

පෞද්ගලික ව්‍යාපාර සඳහා මුදල් ගෙවමින් වැඩි මුදලට විදුලිය ලබා ගන්නා අතරේ, තෙල් සංස්ථාවෙන් ණයටද තෙල් ලබදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.

මෙලෙස තවදුරටත් ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකිද යන්න ප්‍රශ්නයක් බවද ජයසේකර පාර්ලිමේන්තුවේදී පැවසීය.

තවද කටුනායක සහ මත්තල ගුවන් යානා ඉන්ධන නිකුත් කිරීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට විශාල ආදායමක් ලැබෙන බවත්, ඒ අනුව මාසික ඉන්ධන ලීටර් මිලියන දහතුනක් නිකුත් කරමින් විශාල ඩොලර් ආදායමක් ලැබෙන කටයුත්තක් බවද ඔහු පවසයි.

කටුනායක ගුවන් තොටුපළේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමට ඩොලර් මිලියන 51ක් වැය කරමින් නව තාක්ෂණික මෙවරම් සහිත පද්ධතියක් සාදා තිබෙන බවද ජයසේකර මහාතා පෙන්වා දෙයි.

තවද පාර්ලිමේන්තුවේ සිටින ව්‍යාපාරික මන්ත්‍රීවරයකු සඳහා ම ගුවන්තොටුපලෙන් ඉඩමක් ලබා දී ඇති අතර, ඔහුටද මෙම ගුවන් යානා තෙල් විකිණීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව දයාසිරි මහතා චෝදනා කරයි.

ලංකාවට ඩොලර් මිලියන ගනණකින් වසරකට ආදායම ලැබෙන මෙම ගුවන් තෙල් සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව ගොඩනැගීමට ඇති අවස්ථාවක එය පැත්තකට විසිකර දමමින් සියලු දෙනා එක්ව මෙය කොම්පැනිවලට දී අවසන් කිරීමට සූදානම් වනවාදැයි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...