හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි පැමිණිල්ලක් අභියාචනාධිකරණය යළි කැඳවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): කාන්තා දිනය නිමිත්තෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් ඇප නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සති දෙකක කාලයක් ලබාදුන් අභියාචනාධිකරණය එම පැමිණිල්ල යළි ජුනි මස 14 වන දා කැඳවන ලෙස අද (08) නියෝග කළේය. 

ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයා වූ හාඩි ජමාල්ඩීන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළහ.

පැමිණිල්ලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කාන්තා දිනය නිමිත්තෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යම් සිද්ධියකට අදාලව මෙම නඩුකරයේ පැමිණිලිකරු ඇපමත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය විවේචනය කරමින් වග උත්තරකාරිය විසින් අදහස් පල කර ඇතැයි චෝදනා කළේය. තම සේවාදායකයාට අධිකරණය විසින් ඇප ලබා දුන්නේ කෙසේදැයි ඇය විසින් ප්‍රශ්න කර ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා ඒ තුළින් ඇය අධිකරණ ක්‍රියාදාමය අභියෝගයට ලක් කර ඇති බවත් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙන්වා දුන් බව සඳහන් වේ.

මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් පැමිණිකාර පාර්ශවයේ නීතිඥවරයාගෙන් විමසා සිටියේ වග උත්තරකාරිය විසින් සිදු කළ ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් වී තිබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා. වග උත්තරකාරිය ඇයගේ ප්‍රකාශයේ යම්කිසි අධිකරණයක් හෝ කිසියම් නඩුවක අංකයක් හෝ සඳහන් කර නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා එසේ තිබියදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විමසා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අදහස් ප්‍රකාශ කිරීමට පුරවැසියන්ට නිදහසක් තිබෙන විනිසුරුවරයා විවෘත අධිකරණයේ සඳහන් කළේය. මෙම ප්‍රකාශය වග උත්තරකාරිය විසින් සිදුකළ බව තහවුරු කරන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් විනිසුරුවරයා පෙන්වා දුන් බව වාර්තා වේ.

මෙහිදී වග උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාලව විත්තිකාරියට එරෙහිව දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කරන චෝදනා පත්‍රය සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිට ඇත.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය විරෝධතා තිබේනම් ඒවා සති දෙකක් තුළ ගොනු කිරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත ජුනි මස 14 වනදා කැඳවන ලෙසත් නියම කළ බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...