නීතීඥ සංගමය සමග සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි – මෛත්‍රී

Date:

වත්මන් දේශපාලන අර්බුදය විසඳීමට අදාළව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමග පැවති සාකච්ඡාව ඉතාමත්ම සාර්ථක බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“රටේ පවතින දේශපාලන තත්වය සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු විසඳුම් සම්බන්ධව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධන කොහොමද කරන්නෙ කියන එක තමයි මේ සාකච්ඡා කළේ. නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු තවත් ආයතන ඊට සම්බන්ධයි. අපේ සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි. ඉදිරියටත් අපි සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන, නීතීඥ සංගමය වැනි සංවිධානවල අදහස් ලබාගෙන මේ තියෙන ප්‍රශ්න විසඳන්න කොයි විදියටද ඉස්සරහට යන්නෙ කියන එක තමයි බලාපොරොත්තුව”

ප්‍රශ්නය – සර්ව පාක්ෂික රජයක් ගැන දැන් කතා කළාද ?

“ඔව් ඉතින් අපි ඒක යෝජනා කරලා තියෙනවානෙ”

ප්‍රශ්නය – හදිසි නීතිය ගැන ඡන්ද විමසීමේදී මොකද කරන්නේ ?

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදිසි නීතිය පැනවීමට විරුද්ධයි. ඡන්දයක් පාර්ලිමේන්තුවේ එන අවස්ථාවේදී අපි සම්පූර්ණයෙන්ම ඊට විරුද්ධව තමයි ඡන්දය පාවිච්චි කරන්නේ”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග ශ්‍රීලනිපය ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින කුඩා පක්ෂ 11 නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...