ගමට ගිය මහින්දානන්දට හූ සංග්‍රහයක් – පොලීසිය මැදිහත් වී බේරා ගනී !

Date:

ජනතාවගෙන් එල්ල වන විරෝධය හේතුවෙන් ආණ්ඩුවේ නායකයන්ට, මැති-ඇමතිවරුන්ට මහමග ගමන් කිරීමට පවා නොහැකි තත්වයක් උදා වී තිබේ. ශ්‍රී මහ බෝධිය වැඳපුදා ගැනීමට අනුරාධපුරයට ගිය අගමැතිවරයාටද ස්ථාන කිහිපයකදී ජනතා විරෝධය එල්ල වූ අතර ජනතාව ඉල්ලා සිටියේ වහාම අගමැති තනතුරින් ඉල්ලා අස් වී ගෙදර යන ලෙසයි.

මේ අතර හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේදී ජනතාවගෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. අළුත්ගමගේ මහතා ගමන් කළ වාහල පෙළ හරස් කරමින් ගම්වැසියන් විරෝධතාවයක නිරත වූ අතර වාහනයෙන් බැස ජනතාව වෙත පැමිණි හිටපු ඇමතිවරයාට, වෙනදා ලැබෙන උණුසුම් පිළිගැනීම වෙනුවට ලැබුණේ හූ සංග්‍රහයකි.

විරෝධතාවයේ නිරත පිරස කළහකාරී ලෙස හැසිරීමත් සමග අළුත්ගමගේ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...