අපි අවුරුද්දෙන් ආර්ථිකය ගොඩදැම්මා. ඉතිහාසයේ පළමුවරට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා – ඇමති රුවන්

ජාතික ජන බලවේගය රට භාරගෙන අවුරුද්දක් ඇතුළත රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 109 ආසන්නයට රැගෙන ආ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

“මේගොල්ලෝ දශක ගණනාවක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා, අමාත්‍යාංශ හසුරුවලා, රට විනාශ කරපු බංකලොත් කරපු රටක් තමයි අපි භාරගත්තේ. දැන් අපිට ඇවිත් උපදෙස් දෙනවා ප්‍රගති වාර්තාව, එල් – බෝඩ් එක ගැන. ඔවුන්ගේ දේශපාලන පක්ෂත් දැන් විනාශ වෙලා නන්නත්තාර වෙලා යනඑන මං නැතිවී තිබෙනවා.

අපි රට භාර අරගෙන එක අවුරුද්දක් ඇතුළත, පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 109 ආසන්නයට ළං වුණා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා තියෙනවා.

ඔයගොල්ලෝ වසර ගානක් තිස්සේ විනාශ කළ ආර්ථිකය. ඔය කියපු එල් – බෝඩ් ආණ්ඩුව ආර්ථිකය ඉතාමත් යහපත් ලෙස අවුරුදු එකහාමාරක් ඇතුළත ස්ථාවරව හදලා තියෙනවා. ඒ නිසා තමයි එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ, දිට්වා හානි පියවන්න, රුපියලක්වත් ණය ගන්නේ නැතිව භාණ්ඩාගරයෙන් ගන්නේ කියලා”

නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...