*
Monday, September 30, 2024
spot_img

Latest Posts

රගර් ස්ථාවරකරණ කමිටුව පිළි නොගන්නා බව ශ්‍රී ලංකා ඔලිම්පික් ජාත්‍යන්තරයට කියයි

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර රගර් සම්මේලනයට කරුණු දක්වමින් කීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද රගර් ස්ථාවරකරණ කමිටුව පිළි නොගන්නා බවත්,නිලවරණයෙන් බලයට පත් වූ විසුරුවා හරින ලද කමිටුව පිළිගන්නා බවත් දන්වා තිබෙනවා.ජාත්‍යන්තර රගර් සම්මේලන සභාපතිවරයාට යොමු කර ඇති එම ලිපියේ පිටපත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව,ආසියානු ඔලිම්පික් කමිටුව,ආසියානු රගර් සම්මේලනය,ක්‍රීඩා අමාත්‍යංශය,ක්‍රීඩා සංවර්ධන දෙපාරතමේන්තුව වැනි තැන්වලට ද එහි ප්‍රධානීන්ගේ නමින්ම යොමු කරන්නටත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා පියවර ගෙන තිබෙනවා.
නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී රගර් සම්මේලනයේ බලය නිලවරණයකින් ලබා ගැනීමට නොහැකි සේ එම කේෂ්ත්‍රය තුළ පිරිහීමට පත් වී සිටින පිරිස් සමඟ එක්ව රගර් පරිපාලනය සිය බලතල හරහා අකර්මන්‍ය කිරීමට උත්සාහ ගනු ලැබුවා.නමුත් එහි නීත්‍යාණුකූලභාවය සහතික කර ගැනීමට අධිකරණය ඉදිරියේ අපොහොසත් වීම නිසා රගර් පරිපාලනයට හානියක් කිරීමට අමාත්‍යවරයාගේ බලතල යොදා ගැනිමට නොහැකි වුණා.

ඒ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා ආසියානු රගර් සම්මේලනයේ වගකීමකට පත් කිරීම,සහ ඒ වන විට රගර් දේශිය අනුග්‍රහකයා යම් ආකාරයක සීමාවන් ඇතුළත ශ්‍රී ලංකා රගර් සම්මේලනයට වඩාත් පලදායි ආකාරයට යොදා ගැනිමේ සාකච්ඡාවන් හී යෙදී සිටින විට ආසියානු රගර් විසින් අනුග්‍රහකයෙක් ලෙස යොදවා ගැනිම,ශ්‍රී ලංකා රගර් නොදැන සිඳු කිරිම ගැන ආසියානු සම්මේලනයෙන් ප්‍රශ්න කිරීමක් ශ්‍රී ලංකා සභාපතිවරයා විසින් සිඳු කළා.එහි සදාචාර විරෝධි ස්වරූපයක් දකින්නට තිබිම ගැන කරුණු පැහැදිළි කළත් ආසියානු සම්මේලනය නිසි පිළිතුරක් දෙන්නට අපොහොසත් වුණා.අදටත් එය එසේම පවතිනවා.
මේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සභාපතිවරයා සහ ආසියානු සභාපතිවරයා අතර සිඳු වූ පෞද්ගලික සාකච්ඡාවකදී එම ක්‍රියාව සම්බන්ධයෙන් එල්ල වූ දරුණු විවේචනයක් පෞද්ගලිකත්වයෙන් පොදු කාරණයක් කොට හුවා දක්වමින් ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකා සභාපතිවරයාව තහනමකට ලක් කරන්නට කටයුතු කර තිබෙනවා.නමුත් ඒ සඳහා නිවැරදිව සහ ලිඛිතව සාක්ෂා සහ කරුණු ඉදිරිපත් කර නොමැති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් ආසියානු රගර් සම්මේලනයම ශ්‍රී ලංකාවෙන් භාර දුන් කරුණු ගැන පරීක්ෂණයක් කරන්නට එකඟ වී සිටිනවා.

එහිදී දඬුවම පැනවිම සඳහා වූ සාකච්ඡාවේ පැමිණිලිකරු සේ ආසියානු සභාපතිවරයා ද සිටිම ද අනීතික සහ සදාචාර නොවන ක්‍රියාවක් වන අතර තවමත් තහනමට හේතු වූ කරුණු සහ චෝදනා පත්‍රයක් ලබා දීමට ද ආසියානු සම්මේලනයේ පිරිස අසමත්ව තිබෙනවා.මේ සම්බන්ධයෙන් මැදිහත්කරුවෙක් වන්නට ආසියානු සම්මේලනයේ තනතුරක් දරන්නට තරම් එම සභාපතිවරයාට හිතවත්ව සිටින අසංග සෙනවිරත්නට හැකියාවක් ඇතත් ඔහු ද සිටින්නේ ශ්‍රී ලංකාවේ රග්බි සමාජය තුළ ප්‍රතික්ෂේපිත තත්ත්වයක නිසා එම වාඩුව ගැනීමට ශ්‍රී ලංකාවේ රගර් ගැන සිතීම පසෙකලා කටයුතු කරමින් අමාත්‍යවරුන් ද ශ්‍රී ලංකා රගර්වලට එරෙහිව පෙළ ගැස්වීමේ කටයුතුවල යෙදී සිටිනවා.

ශ්‍රී ලංකා රගර් පරිපාලනය වෙනස් කරන්නට ආසියානු සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට කරන ලද බලපෑම ද ඔහුගේ සදාචාර සම්පන්න බව මෙන්ම නෛතික තත්ත්වයට ද පිටින් යාමක් වන අතර එම ඉල්ලීමෙන් පසුව අමාත්‍යවරයා ශ්‍රී ලංකා රගර් අභිමතානුසාරීව විසුරුවා හරින්නට කටයුතු කරනවා.රගර් ව්‍යවස්ථාවේ කරුණු උල්ලංඝණයක්,අකර්මන්‍යව පැවතීමක් හෝ මූල්‍යමය වංචාවක් හෝ අනිසි මුදල් භාවිතයක් ගැන කිසිඳු චෝදනාවක් ඒ ගැන යොමු වි නැති අතර අඩුම තරමේ ඔවුන් ක්‍රීඩා පණතේ භාවිතයට ගන්නා 32 (අ) වගන්තිය යටතේ පූර්ව දැණුම් දීමක් හෝ කර නැතිව මේ විසුරුවා හැරීම කර තිබීම මේ වන විට අධිකරණයේ විභාගයට ගන්නා කරුණක්ව තිබෙනවා.

ආසියානු සභාපතිවරයාට අවශ්‍යය ප්‍රධානම කාරණය වන්නේ විසුරුවා හරින ලද සම්මේලනයේ සභාපතිවරයාව ආසියානු සම්මේලන රැස්වීම්වල අසුන් ගැනිම වැළක්වීමයි.ඒ සඳහා රටේ නීතිය අනුව විසුරුවා හැරිම් අධිකරණය මඟින් විභාගයට ගැනීම සඳහා අවලංගු කර තිබියදිත් ආසියානු සභාපතිවරයා තහනම රඳවා ගෙන සිටිමින් සහ නීතියෙන් නිදහස් වූ විට පෞද්ගලිකව සභාපතිවරයාව තහනම් කරමින් කරන්නේ ඒ දෙයයි.ඒ ආසියානු සභාපතිවරයාගේ ක්‍රියා කළපයන් ප්‍රශ්න කිරිම වැළක්විමටයි.එහිදි එම කරුණු සභාගත වීම අනාගතයටත් බලපාන පරිදි එම සභාපතිවරයාට ආසියානු රගර් සමාජය තුළ පැවතීම වළක්වා ගැනීමට දරණ උත්සාහයට මේ වන විට දර දිය අදින්නන් බවට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛව ශ්‍රී ලංකාවේ රගර් සමාජයේ බල රහිත චරිත කිහිපයක් යොදා ගෙන තිබිම කණගාටුවට කරුණක්.

රටේ නීතියට සහ ක්‍රීඩා නීතියට අනුව මහා විශාල දේශපාලන බලයක් සමඟ නාමල් රාජපක්ෂ සමඟ ද රගර් පරිපාලනයේ ස්වාධීනත්වය වෙනුවෙන් ගැටෙන්නට පෙරට පැමිණි රිස්ලි ඉල්ලියාස් මේ සම්බන්ධයෙන් පවසන්නේ වසර තිස් ගණනක සිය රගර් ජිවිතය තුළ විවිධ වගකීම්වලට ක්‍රීඩකයාගේ සිට පරිපාලකයා දක්වා පැමිණෙමින් උපයාගත් කීර්තය විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් එසේ වුවහොත් ඔහු ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ හෝ පෙනී සිටින බවයි.අප මුල සිටම ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් පෙනී හිටියේ අපේ දැණුමට අනුව ක්‍රීඩා පණතට අනුව විසුරුවා හැකි වරදක් හෝ වරදක් සම්බන්ධයෙන් පූර්ව අවවාදයක් දැණුම් දීමක් නොමැතිව ක්‍රීඩා අමාත්‍යවරු තමන්ගේ දේශපාලන හයියෙන් අභිමතානුසාරිව හැසිරීමට විරෝධය පෑමටයි.ඉදිරියේදිත් අම මතයේම රැඳී සිටින අතර යම් විසුරුවාලීමක් කරන්නට ක්‍රීඩා පණතට අනුව එහි විධි විධාන නිසි ලෙස පිළි ගනිමින් කටයුතු කරන්නේ නම් ඒ ගැන විරෝධයක් නැති බවත් පැවසිය යුතුයි.
නමුත් තරගාවලි පවත්වමින්,ණය වී තිබුණ රගර් සම්මේලනයේ ණය බර තිබුණ තත්ත්වයෙන් වඩාත් සාධනීය තත්ත්වයකට ගෙන එමින්,ජාත්‍යන්තර සබඳතා හරහා වාසිදායක තත්ත්වයන් දිනා ගනිමින්,නව තරගාවලි හඳුන්වා දෙමින් සහ රට තුළ රගර් ව්‍යාප්තිය පුළුල් කරමින් ක්‍රියා කරන මොහොතක,රගර් හි බලය ලබා දීම රගර් සමාජය විසින් ප්‍රතික්ෂේප කරන ලද පිරිසක් සමඟ එක්ව,දැවන්ත චෝදනා සහිත අය ගේ දආශිර්වාදය ලබමින් ආසියානු සම්මේලන සභාපතිවරයා මඟුල් ඇතාට අන්දවාගෙන ක්‍රීඩා අමාත්‍යවරයා යන්න හදන පෙරහැර ලංකාවේ රගර් ක්‍රීඩාව විනාශකාරී ඉමකට රැඟෙන යන්නක් බව අපේ නිරීක්ෂණය ය.

මේ සියල්ල අධ්‍යනය කරමින් රගර් තහනම පැනවීම සඳහා අමාත්‍යවරයා කියා කර ඇති ආකාරයේ ඇති සදොස්බවම පදනම් කරගෙන ඔහු විසින් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව පිළි නොගන්නා බවට ජාත්‍යන්තරයට කරුණු දක්වන ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ අදහසට ජාත්‍යන්තරයෙන් ලැබෙන ප්‍රතිචාර අනුව දේශපාලන අතපෙවීම්වලට ගොදුරු වන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඉදිරි ජාත්‍යන්තර තරගවලදී සමහර විට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු ධජය යටතට හෝ පත්වීමේ ඉඩක් ඇත.ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ක්‍රීඩා සංවර්ධන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රටේ පවතින් නිතිය සහ ක්‍රීඩා නීතිය අනුව වැඩ කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයාව හීලෑ කර නොගන්නේනම් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට ද එයින් අයහපතක් වීමේ අවදානමක් ඇති බව අපේ නිරීක්ෂණය වන්නේය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan