පරිගණක භාෂා දැනුමෙන් පිරිපුන් දරුවන් රටට දායාද කරන තිත්තගල්ලේ හාමුදුරුවෝ (VIDEO)

Date:

තිත්තගල්ල මෙත් බෝ සෙවණ විහාරස්ථානයේ විහාරාධිපති තිත්තගල්ලේ ආනන්දසාර හිමියන් ඩී. පී. එඩියුකේශන් වැඩසටහන සමග එක්වෙමින් පවත්වාගෙන යන පරිගණක පාසලේ මේ වනවිට සිසුන් 1500ක් පමණ අධ්‍යාපනය ලබමින් සිටිති.

එම විහාරස්ථානයෙහි පිහිටුවා ඇති ඩීපී කෝඩින් පාසලෙහි පරිගණක 70ක් මාර්ගයෙන් මෙසේ සිසුන්ට පරිගණක භාෂා අධ්‍යාපනය ලබාදෙනු ලැබේ.

ඒ සම්බන්ධයෙන් එහිමියන් පැහැදිලි කළේ මෙසේය …

“බෝ ගස් වටේ ගඩොල් ගොඩගහන වෙලාව නෙවෙයි. මේ වෙලාවේ අපේ රට බංකොලොත් වෙලා තියෙන්නෙ. චෛත්‍ය 10,000ක් නිර්මාණය කරගත්තාට වඩා වටින්නෙ ගමේ මානව දයාව තියෙන දක්ෂ ළමයෙක් නිර්මාණය කරගන්න එකයි. දේශපාලනඥයෙක්ගෙ වටේ, පූජකයෙක්ගෙ වටේ, කාගෙවත් වටේ රස්සාවක් ඉල්ලාගෙන යන්න ඕනෙ නෑ. ලංකාවේ ළමයි ලක්ෂ 10ක් මේ පාඨමාලාව නිමා කළොත් අපි ලෝකයට කරන බලපෑම සුළුපටු එකක් නෙවෙයි.

අපේ ඩීපී කෝඩින් පාඨමාලාව සිංහල – දෙමළ භාෂා දෙකෙන් ලංකාව පුරා දරුවෝ ලක්ෂයකට වඩා දැනට ඉගෙන ගන්නවා. මං හිතන්නේ දැනට මගේ මහන්සියත් ධම්මික පෙරේරා මැතිතුමාගේ ධන පරිත්‍යාගයත් නිසා අපේ ගමේ විතරක් නෙවෙයි අපේ ගම් 20ක විතර ළමයි 1500ක් ඉංජිනේරුවන් බවට පත්වෙමින් ඉන්නවා. පැහැදිලිවම මේ පාඨමාලාවෙ තියෙන වැදගත්කම, හොඳ බුද්ධි ඵලයක් ඇතිවෙනවා. ඒ වගේම මේ ළමයින්ගෙ නිර්මාණශීලීත්වය වැඩිවෙනවා. ඒ වගේම තර්ක ශක්තිය දියුණු වෙනවා. එතකොට මේ රටට දායාද වෙන්නෙ ඉතාමත් බුද්ධිමත් පිරිසක්. මේ ළමයි අඩු වයසින් එහෙම වුණාම දේශපාලනඥයෙක්ගෙ වටේ, පූජකයෙක්ගෙ වටේ, කාගෙවත් වටේ රස්සාවක් ඉල්ලාගෙන යන්න ඕනෙ නෑ. තමන්ටම ආත්ම ශක්තියක් තියෙනවා ලෝකය දියුණු කරන්න පුළුවන් කියලා”

ඩීපී කෝඩින් ස්කූල් පරිගණක භාෂා පාඨමාලාව සඳහා ඔබේ දරුවාත් නිවසේ සිටම සම්බන්ධ කළ හැකි අතර ඒ සඳහා dpcode.lk වෙබ් අඩවියට අදම ඔබේ දරුවාව යොමු කරන්න. ඔබ සතුව දැනට පරිගණකයක් නොමැති නම් ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ මෙම පාඨමාලාව හැදෑරීමට සෑහේ.

රුපියල් ලක්ෂ 24ක් වටිනා මෙම පාඨමාලාව නොමිලේම හැදෑරීමට ඩීපී එඩුකේශන් වෙතින් අවස්ථාව හිමිකර දී ඇති අතර මෙහි මූලික අදියර සම්පූර්ණ කිරීමෙන් පසුව මොරටුව විශ්ව විද්‍යාලයේ Trainee full stack developer පාඨමාලාවක් හැදෑරීමට හැකිවේ. ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් කළ හැකි ඔබට ය. ඒ පියවර අදම තබන්න !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...