සංගීත ලෝකයේ තමන්ට ආවේනික තත්ත්වයක රැඳෙමින් සිටින Ed Sheeran මේ ලඟක දී කාගේත් කතා බහට ලක් විය. ඒ කොපිරයිට් කේස් එකක් හරහාවීම විශේෂයකි. ඒ සිඳුවීමට පාදක වන්නේ Marvin Gaye ගේ Let’s Get It On නිර්මාණයයි.
ගායකයෙක් මෙන්ම ගීත රචකයෙක් වන Ed Sheeran ඉකුත් බ්‍රහස්පතින්දා ඔහුගේ “තින්කින්ං අවුට් ලවුඩ්(Thinking Out Loud)” ගීතය 1973 වසරෙහිනිකුත් කළ Marvin Gaye ගේ Let’s Get It On ගීතයේ අංග සොරකම් කළ බවට චෝදනා එල්ල වෙමින් ගොනු වූ ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය කිරීමේ නඩුවක දී වගකීමක් නොමැති චෝදනාවක් එල්ල වීමක් යනුවෙන් එම චෝදනාවෙන් නිදොස් විය. එලෙස එල්ල වූ චෝදනාව අසත්‍යයක් බව එක්සත් ජනපද අධිකරණයක් විසින් මේ වන විටත් තීන්දු කර හමාරය.
කොහොම හරි Ed Sheeran මේ කතාවෙන් බේරුණා කියමුකෝ! ඒත් මේ දේම තව කාට හරි වෙන්න පුළුවන්.. ඒක ඇත්තටම කොපි කරපු දෙයක් නිසාඑල්ල වෙන චෝදනාවක් වෙන්නත් පුළුවන් අනෙක් අතකට කිසිම අවබෝධයක් නැතිව එල්ල කරන චෝදනාවක් වෙන්නත් පුළුවන්..
අපි මේ ගැන ටිකක් ගැඹුරට කතා කරමු!
මොනාද මේ කොපිරයිට් ඉෂූස්?
හිමිකම් උල්ලංඝනය කරන පාර්ශවය අවසරයකින් තොරව නිර්මාණකරුවකුගේ ඕනෑම තනි අයිතියක් හඟවන දෙයක් අනවසරයෙන් ප්‍රකාශනය කිරීම, ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය හෙවත් කොපිරයිට් ඉෂූස් ලෙස හඳුන්වයි.
ඒ කියන්නේ අපි කාගේ හරි දෙයක් අපේ වගේ අරගෙන සමාජ මාධ්‍ය කලඹනවා වගේ වැඩක්!
අපේ සමහර ඇත්තොන්ටනම් මේක ලොකු දෙයක් නෙවෙයි.. කොපිරයිට් බැරිනම් මොන රයිට් හරි වැඳියන් කියලා කෙලින්ම ඒකෙ නම් ගම් ටික වෙනස්කරලා ගන්නවා විතරයි.. ඊට පස්සේ එන රිස්ක් එක එයාලට තේරෙන්නේ නෑ… කොපිරයිට් කියන කොටසට සින්දුවක් වේවා, තනුවක් වේවා, එකම බීට් එකක්වේවා එකී නොකී මෙකී හැමදේම අදාල වන අතර අද සමාජයේ මේ ක්‍රියාව සුලභ දසුනකි.
සමහරවිට කෙනෙක් ඒ දෙය හිතන්නේ නැතිව ආසාවට කරනවා වෙන්නත් පුලුවන්.. තවත් අයෙක් වංචනික චේතනාවකින් කරනවා වෙන්නත් පුලුවන්.. මේමොන චේතනාවෙන් උනත් චේතනා හං භික්ඛවේ කියලා ඒවට තියෙන නීති රීති ගැනත් අවබෝධයෙන් සහ අවසරයෙන් පිටපත් කිරීම් කරනවා නම් ඇඟට ගුණය.
නවීන ලෝකයට පා තබන මිනිසුන් වශයෙන් අපි අපේම දෙයක් තුළින් නිර්මාණශීලීත්වය දියුණු කරගත යුතුය. නැත්තම් යල්පැනගිය සංස්කෘතියක සිර වූ මිනිසුන් වාගේ අපිට මේ මඩ වලෙන් ගොඩ ඒමක් ද නැත. Youtube / Tiktok වැනි සමාජ මාධ්‍ය ඔස්සේ අපි කරන කන්ටෙන්ට් එකක් අප්ලෝඩ් කර ලැබෙනඑක නැරඹුමක් උනත් අපේ කියන හැඟීම ගන්නටනම් අපිම අලුත් නිර්මාණයකින් ඒ තැන ගන්නට වෙහෙසෙන්න ඕනෙ.. නැතිනම් අනුන්ගේ දෙයක් උස්සලා අපි ට්‍රෙන්ඩින්ග් 1 උනත් ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තියක් නැත.
සමහර මුල් අයිතිකරුවන් කොපිරයිට් කියලා දැක දැකත් ඒවට කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නැති තැන සිටිනවා.. උදාහරණයකට අපිට ගන්න පුළුවන් ABBA හි ජනප්‍රිය සිංදුවක් වූ Gimme Gimme Gimme(1979) ගත්තොත් ඒක ලෝකේ ගොඩක් මියුසික් චාට්වල හිට් වුණ නිර්මාණයක්..
ඒක 1979 දීරිලීස් වුනත් මෑතක දී සොයා ගෙන තියෙනවා 1978 ආපු Bul Bul Efendi කියලා ගීතයක මේ Gimme Gimme Gimme ගීතයෙහි ඉන්ටලූඩ් එකටසමාන කොටසක් තිබෙන බව නමුත් ඒ ගැන හොයන්නවත් බලන්නවත් කවුරුත් පෙළඹුනෙත් නැහැ ABBA ලට ඒ සම්බන්ධයෙන් නඩුවක් දාන්නවත් ගියෙත්නැහැ. අන්න එහෙම දේවල් වෙන්නත් පුලුවන්..
සමහර අයනම් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිනවා… එහෙම අයට මිනිස්සු කියන්නේ කුහක අය තමන්ගේ දේකින් අනිත් අය ඉහළට යනවට ඉරිසියා කරනඅය කියලා.. එක අතකින් ඒක සාධාරණ වෙන්න ඇති නමුත් තමන්ගේ මහන්සිය, කැපවීම තමාට වටින මිනිස්සු ඒ දේවල් නිසා ජීවිත කාලෙම උනත් සිත්තැවුලෙන් ඉන්න පුලුවන්.. ඒ නිසා කොපිරයිට්ස් ගැනනම් පෞද්ගලිකව මටනම් ඒ හැටි කැමැත්තක් නෑ..
කැමති උනත් අකමැති උනත් මේවා නීතියෙන් බේරගන්න ගියොත්නම් ලොකු ගාණක් යට කරලා ජීවිතකාලෙම බ්ලැක්ලිස්ට් වෙන්නම හැකියාවකුත් තියෙනවා… ඒ නිසා මොනා කලත් පරිස්සමින්.. කරන දෙයක් හරි ආකාරයෙන් කරානම් බයක් සැකක් නැතිව ඉන්නත් පුළුවන්..
ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියා වේ ගීතයෙහි “ඉස්සර ගැයූ ගී අප සිත් තුළ දරාවී.. ඒ ගී මල් තුළින් මයි… නව ගී වැල් උපන්නේ” යන පදවැල සිහියට නගමින් නිර්මාණශීලීත්වය හීනවන ලෝකයේ නව ගීවැල් උපන්නට ඉස්සර ගැයූ ගීතයක්ම ඕනෑ ද යන පැනය ඉතුරු කරමින් අපි සටහනට මෙලෙස නිමාවක් තබන්නෙමු!
සටහන – නිපුනි ලියනගේ