ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය කරන්නේ නෑ – ප්‍රවාහන අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කිසිදු හේතුවක් මත ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ කිහිපයකට නව බස් රථ බෙදා දීමට ඊයේ (07) එක්වෙමිනි.

රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල, බලන්ගොඩ සහ කලවාන යන ඩිපෝ සඳහා නව ලංගම බස්රථ බෙදාදීමක් රත්නපුර නව නගරයේදී අද පැවැත්වුණි. ඒ, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. රජයේ මැති ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද එම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණි. මෙහිදී බෙදාදුන් බස් රථ සංඛ්‍යාව 23කි.

උත්සවයේ අදහස් පළ කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

“මේ ජාතික අර්බුදයෙන් අපි ගොඩ ඒම සඳහා වෙන සාකච්ඡාවක් කරන්නට වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රේමලාල් ජයසේකර මහතා එහෙම ඒ ගෙවල් ළඟ තියෙන පාරේ යන්න බැහැ කියලා එතන නිදාගෙන හිටියට මට කරන්න පුළුවන් ඇවිල්ලා ඇහැරවීම සඳහා වූ උදව්වක් කරනවා මිසක් පාර හදලා දීම කරන්න බැහැ. මොනම හේතුවක් නිසාවත් ලංගම පෞද්ගලීකරණය කරන්නේ නැහැ. නමුත් අපි පොරොන්දුවෙලා තියෙනවා 2025 වන විට සෑම ඩිපෝවක්ම පාඩු නොලබන තත්ත්වයට පත් කරන්න.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...