අක්ෂි සැත්කම් අසාර්ථකයි බෙහෙතක විෂබීජ තිබිලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසයි .

පසුගිය අප්‍රේල් මස පස් වැනි වෙනිදායින් පසු සිදුකරනු ලැබූ අක්ෂි ශල්‍යකර්මයන්ගෙන් පසු රෝගීන්ට ඇස්වලට දැමීම සඳහා ලබා දුන් බෙහෙතක් විස වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බව,  රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසන අතර , එලෙස සිදුව ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ලද බෙහෙතක විෂබීජ අඩංගුව ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අවස්ථාවකය.

සායන සිදුකර නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපයකදී ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව පවසමින් රෝහල් ගත කෙරුණු අතර ඉන්පසුව සිදුකළ ප්‍රතිකාරයන්ගෙන් පසු ක්‍රමක්‍රමයෙන් රෝගීන් සුව අතට හැරෙමින් පවතින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...