සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි හෙට (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව අතර , යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25වෙනි සැසි වාරයේදි නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
එම සැසි වාරය හෙට විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් එහි විදේශ ක්‍රියාකාරී සේවාවේ ආසියා පැසිෆික් කලාපීය නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ පවෝලා පම්පලෝනි මහත්මිය සහභාගී වීමට නියමිතය .
අමාත්‍යංශය සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අරුණි විජේතිලක මහත්මිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරණු ඇති බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??