සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය වංචාවකට එරෙහිව වෘත්තීය හා සිවිල් සංවිධාන අල්ලස් කොමිසමට! (VIDEO)

Date:

කොළඹ LNW: සෙපොරෙක්සන් නමැති ප්‍රතිජීවක ඖෂධය මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඩොලර් මිලියන 500ක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ සිවිල් සංවිධාන එකමුතුවෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසුවේ එම ඖෂධය මිලදී ගැනීම සඳහා ඩොලර් සත 25 සිට අවම ටෙන්ඩර් ලැබී තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එය ඩොලර් සත 75කට මිලකට මිලදී ගෙන ඇති බවයි.

ඒ අනුව එම ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පි ලක්ෂ 25ක් මිලදී ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ.

සාමාන්‍ය පරිදි සැලසුම්කර ඖෂධ මිලදී ගැනීමට මුදල් නොමැති බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙවැනි හදිසි මිලදී ගැනීම් සඳහා අත දිගහැර මුදල වියදම් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය පවතින බව ඔහු සඳහන් කළේය.

පසුගිය වසර පුරාම මෙවැනි අක්‍රමිකතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව තිබෙන අතර අද අල්ලස් කොමිසමට භාර දුන් පැමිණිල්ලට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද තොරතුරු ලබාදීමට කටයුතු කරන බවද චමල් සංජීව මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...