මගේ කටවහන්න බැහැ.අනිවාර්යයෙන් මම දේශපාලනයට නැවත එනවා – මන්ත්‍රී ධූරය අහිමි වූ ඩයනා කට අරියි

Date:

කොළඹ LNW: තමන්ගේ කට ලෙහෙසියෙන් වැසිය නොහැකි අතර ඉදිරියේදී අනිවාර්යයෙන් තමන් නැවත දේශපාලනයට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පැවසුවේය.

ඒ, මීට සුළු මොහොතකට පෙර කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

තමන් අධිකරණයට ගරු කරන නමුත් හේතු කිහිපයක් මත එම තීන්දුව පිළිගත නොහැකි බවයි ගමගේ මහත්මිය සඳහන් කළේ.

එම නඩු තීන්දුව පසුපස තිබුණේ විනිසුරුවරුන්ගේ තීරණයට වඩා දේශපාලන කුමන්ත්‍රණයක් බවයි ඇය පැවසුවේ.

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගේ පැවති වෛරී දේශපාලනය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙනෙන්නට තිබුණු බවයි හිටපු මන්ත්‍රීවරිය කියාසිටියේ.

මෙලෙස පහර දුන්නේ සියලුම කාන්තාවන්ට බවද ඇය සඳහන් කරන ලදී.

කෙසේවෙතත් තමන්ගේ මන්ත්‍රී ධූරය අහිමි වීම මේ රටේ ජනතාවටද සිදුවූ අසාධාරණයක් වන බවත් තමන් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් ඉදිරියේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවත් ඇය අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...