ජනතාව මතට තිත තියලාද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): මෙරට මත්පැන් නිෂ්පාදනය 2023 වසර තුළ 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි .

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මධ්‍යසාර බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ , 2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා පහත වැටී ඇති බවයි .

තවද 2023 වසර තුළ පමණක් අලුතෙන් මධ්‍යසාර බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත් ඉන් 147ක් ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් නිකුත් කරනු ලබන රාබී 7, 8 සහ 11 වර්ගයේ ඒවා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති සමස්ත මධ්‍යසාර බලපත්‍ර ප්‍රමාණය 5730ක් බවද අමාත්‍යවරයා පැවසීය .

රජය කිසිදු අවස්ථාවක මධ්‍යසාර භාවිතය ප්‍රවර්ධනය නොකරන බව කියා සිටි අමාත්‍යවයා පෙන්වා දුන්නේ මධ්‍යසාර බලපත්‍ර ගාස්තු ද ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහා කර සිටියේ, මධ්‍යසාර බෝතලයක මිලෙන් 75%ක් බදු ලෙස අය කරන අතර වැඩි බදු ප්‍රමාණයක් අය කරන්නේ මධ්‍යසාරවලින් බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...