අද සිට IOC ත් ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි …

Date:

අද (09) සිට ලංකා IOC සමාගමත් තම ඉන්ධන පිරවුම්හල්වලින් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 2000ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3000ක්, මෝටර් රථ, වෑන්, ජීප් සඳහා රුපියල් 8000ක් යන උපරිම සීමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙනු ඇත.

කෙසේවෙතත් ලොරි සහ බස් රථ ඇතුළු වාණිජමය රථවාහන සඳහා මෙම සීමා බලනොපවත්වන බවයි ලංකා IOC සමාගම නිවේදනය කරන්නේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මීට පෙරම මේ ආකාරයෙන් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...