අගමැති ජනපතිට ලිපියක් යවලා. ඒත් ඉල්ලා අස්වීමක් නෙවෙයි ….

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බවක් ඊයේ (08) රාත්‍රියේදී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු අතර පසුව එම පුවත ඔවුන් විසින්ම ඉවත් කරගෙන තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයින් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ එම ඉල්ලා අස්වීමේ පුවත අසත්‍යයක් බවයි.

කෙසේවෙතත් අපගේ ආරංචිමාර්ග පවසන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

එහිදී, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ දිනයේ සිටම ඔහුට අවශ්‍ය පරිදි රට පාලනය කිරීම සඳහා අවශ්‍ය වූ සියලු බලතල පාර්ලිමේන්තුව ඔස්සේ ලබාදුන් බව මහින්ද රාජපක්ෂ මහතා සිය ලිපියෙන් සිහිපත් කර ඇති බව සඳහන්.

එමෙන්ම රට තුළ බරපතළ අර්බුද මතු කළ රසායනික පොහොර තහනම වැනි තීරණ ජනාධිපතිවරයා විසින් ඔහුගේ අභිමතය පරිදි ගත් ඒවා බවත් එම ලිපියේ දක්වා ඇති බව වාර්තා විය.

ඒ අනුව, නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයාගේ බලතල යටතේ සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවා හැරීමට කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඊයේ (08) දිනයේදී කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කර තිබුණේ පසුගියදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවා හැරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම සුදුසු බවට එකඟතාවක් ඇතිකර ගත් බවත් ඒ පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත්කිරීම අග්‍රාමාත්‍යවරයා විසින්ම සිදුකරනු ඇති බවත් ය.

එහෙත් අග්‍රාමාත්‍යවරයාට හිතවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් අරලියගහ මන්දිරයට රැස්ව ප්‍රකාශ කර තිබුණේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්නොවිය යුතු බවකි. ඔවුන් අද (09) දිනයේ දැවැන්ත සෙනඟක් අරලියගහ මන්දිරයට රැස්කිරීමට ද නියමිතව ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමක් සිදු නොවන ආකාරයක් පෙන්නුම් කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...