කරූගේ නමට ආණ්ඩුවේ පැත්තෙනුත් කොළ එළියක් …

Date:

ඉදිරියේදී බිහිකිරීමට යෝජිත ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට හිටපු කථානායක කරූ ජයසූරිය මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට ආණ්ඩුවේ පාර්ශ්වයෙනුත් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ආරංචිමාර්ග පවසයි.

පසුගිය වසර කිහිපය තුළම කිසිදු දේශපාලන පක්ෂයට සම්බන්ධ නොවී නිර්පාක්ෂිකව කටයුතු කරන කරූ ජයසූරිය මහතා මේ මොහොතේ අදාළ තනතුරට එනු ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මූලික අරමුණින් යුතුව වන නිසාත් ඒ සඳහා වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්‍යාවශ්‍ය නිසාත් ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල සහයෝගය ලබාගැනීම ඉතාම වැදගත් වේ.

විශේෂයෙන්ම පසුගිය දශක ගණනාවක් තිස්සේම වරින් වර කරළියට පැමිණියත් සාර්ථක කරගැනීමට නොහැකි වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඉටු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලැබෙන හොඳම අවස්ථාව මෙය වියහැකි බවයි දේශපාලන විචාරකයින් ද පෙන්වා දෙන්නේ.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...